Connect with us

පුවත්

ශවේන්ද්‍ර ඇතුළු 4කට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද හවසට

Published

on

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) පස්වරුවේ දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ලකරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය පෙරේදා (24) නිවේදනය කළේය.

ඒ අනුව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් LTTE සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව්දෙනාට මෙලෙස සම්බාධක පැනවෙයි.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රස්තවාදයට එරෙහි මානුෂිය මෙහෙයුමේදී දැවැන්ත කාර්යයක් ඉටුකරමින් 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස ක්‍රියා කළේය.

පසුව යුද හමුදාපති ධුරයට මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයටද පත්වූ ඔහු කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ක්‍රියාවලියේ කැපීපේන කාර්යභාරයක් ඉටු කළ අයෙකි.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා උතුරේ යුද්ධය නිමා කිරීමේ කාර්යභාරයේදී එවක නාවික හමුදාපතිවරයා ලෙස දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය.

2009 එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති සටනේ අවසන් අදියරේදී වන්නි ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය මහතා එවක හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විශ්‍රාම යාමෙන් පසු යුද හමුදාපති ධුරයට පත්වුණි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යුද සමයේදී ඉන් ඉවත්වූ අතර පසුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරමින් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය.

පැනවුණු නව සම්බාධක අනුව ඔවුන් සිව්දෙනාට එක්සත් රාජධානියේ සංචාරය කිරීම තහනම් වන අතර එක්සත් රාජධානිය තුළ ඔවුන්ට වත්කම් ඇත්නම් ඒවාද තහනම් වෙයි.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved