Connect with us

පුවත්

ශ්‍රීලනිප අර්බුදය : අධිකරණ නියෝග 2ක්

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ මහතා  අද (24) නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ද්‍ර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ සිව් දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම අතුරු තහනම නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන තෙත් ක්‍රියාත්මක වේ.

සර්චන්ද්‍ර මහතා 2022 වසරේදී මෙම නඩුව පවරා ඇති අතර  මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සාන්ත ජයවර්ධන මහතා අධිකරණයට පවසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 හා 2021 වසරේදී සභාපති ධුරයට පත්වීම නීති විරෝධී බවය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවේ දොළොස් වැනි වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට පක්ෂයේ සභාපති ධුරය ඉසිලිය නොහැකි බවද, ඔවුන් අනුශාසකයින් ලෙස කටයුතු කළ යුතු බවද කරුණු දැක්වීය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර විත්තිය විරෝධතා ජුනි මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියේය. සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය මාත් මේ සමග නීතිඥ සම්පත් පෙරේරා මහතා පෙනී සිටියේය.

මේ අතර, අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කරන ලෙසද කොළඹ දිසා අධිකරණය අද (24) නියම කළේය.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කර තිබුණි.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved