Connect with us

පුවත්

“ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට උදව් කළ යුතුයි” (වීඩියෝ)

Published

on

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක වියයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පැවසීය.

කොළඹ දී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු එසේ පැවසීය.

“අපි කල්පනා කරන්නේ ඔවුන් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට උදව් කළ යුතුයි. අන් අය කරන තුරු බලා නොසිට නිවැරදි යැයි අපි විශ්වාස කරන දේ කිරීමට අපි තීරණය කළා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතිකයක් ලබා දුන්නා. එමගින් ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට පහසුවෙයි. අපේ බලාපොරොත්තුව වන්නේ එමගින් ශ්‍රී ලංකාවේ ස්ථානය තවත් ශක්තිමත් වෙයි. එසේම සියලු ද්වීපාර්ශ්වික ණයහිමියන් සමග සමානව කටයුතු කරයි කියන එක.”

ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාව හැමවිටම උදව්කර ඇති බවය.

“දේශපාලන බලය බෙදීම සහ ඔහු ඒ ගැන සිතන දේ ගැන ජනාධිපතිවරයා මට පැවසුවා. මම ඔහුට පැවසුවා ඒ සම්බන්ධයෙන් 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනට පැවැත්වීම වැදගත් බව. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට බලපාන ලෙස සංහිඳියාව ඇතිකිරීම සඳහා කල්පවතින උත්සාහයක් ගැනීමේ වැදගත්කම සහ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන සොයාබැලීම අවශ්‍ය බව මම පැවසුවා.”

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved