Connect with us

පුවත්

ශ්‍රී ලංකා – ඇමෙරිකානු හමුදා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක

Published

on

එක්සත් ජනපදයේ නාවික සහ මැරීන් බලකායන් ජනවාරි 19 සිට 23 වැනි දින දක්වා කොළඹදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමගින් Cooperation Afloat Readiness and Training (CARAT)/Marine Exercise (MAREX) Sri Lanka 2023 සහයෝගීතා අභ්‍යාසයය ආරම්භ කරනු ඇත.

CARAT/MAREX යනු කලාපීය ආරක්ෂක සහයෝගීතාවය ප්‍රවර්ධනය, සමුද්‍රීය හවුල්කාරීත්ව පවත්වාගෙන යෑම සහ ශක්තිමත් කිරීම, සහ සමුද්‍රීය අන්තර්ක්‍රියාකාරී හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සැලසුම් කරන ලද ද්වීපාර්ශවීය අභ්‍යාසයකි. මෙය, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පැවැත්වෙන පස්වන CARAT/MAREX අභ්‍යාසය වන අතර, මේ වසරේදී ඊට ජපාන සමුද්‍රීය ආරක්ෂක බලකාය සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය එකතු වෙති. පුහුණු හුවමාරු කොළඹ දී සහ ත්‍රිකුණාමලයේ හා මුල්ලිකුලම් හි පිහිටි නාවික කඳවුරුවල දී සිදුකිරීමට නියමිතය.

 “ශ්‍රී ලංකාව සමගින් ඇති අපගේ 75 වසරක ද්වීපාර්ශවික සබඳතා තුළ, මේ පුහුණුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමගින් හවුල්වන්නේ ආඩම්බරයෙන්. මේ වාර්ෂික අභ්‍යාස ආපදාවන්හි දී සහන සැලසීම සහ නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යෑම සඳහා සූදානම්වීමට වැදගත් පුහුණු අවස්ථාවක් වනවා. එක්ව මෙම අභ්‍යාසය සඳහා සත්කාරකත්වය ලබාදෙන්නට කළ ආරාධනයට අප කෘතඥ වනවා,” යනුවෙන් පැවැත්වීමට නියමිත මෙම අභ්‍යාසය පිළිබඳව එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය සඳහන් කළාය.

සතියක් මුළුල්ලේ දිවෙන මෙම අභ්‍යාසය ඉන්දු-ශාන්තිකර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් වන සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන අභියෝග සඳහා ප්‍රතිචාර දැක්වීමට එක්ව ක්‍රියාකිරීමට එක්සත් ජනපදයේ සහ හවුල්කාර රටවල නාවික හමුදාවන්ට ඇති හැකියාව වැඩිදියුණු කරන්නටත්, ක්‍රීඩා, සංස්කෘතික සහ තොරතුරු හුවමරු හරහා සම්බන්ධතා ගොඩනංවන්නටත් සැලසුම් කර තිබේ. මානුෂිය ආපදා සහන සහ දිවි ගලවාගැනීමේ පුහුණුවලට අමතරව, එ.ජ. සහ ශ්‍රී ලාංකික හමුදා පිරිස් චංග් තානාපතිතුමිය සමගින් පවත්වන කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වටමේස සාකච්ඡාවකට ද සහභාගි වනු ඇත. මෙම අභ්‍යාසය සිදුකරන කාලය අතරතුර 7 වන බලකා නාවික තූර්යවාදක කණ්ඩායම (7th Fleet Navy Band) ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සමගින් කොළඹදී නොමිලයේ ප්‍රසංග මාලාවක් පවත්වනු ඇත.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved