Connect with us

පුවත්

“ශ්‍රී ලංකා ඉතිහාසයේ කාන්තාව සවිබල ගැන්වීමට පනතක් ගෙන ආවේ වත්මන් ජනාධිපතිතුමා

Published

on

“ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන  බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසීය.

“කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන වෙනුවෙන් සම්බන්ධයෙන් මීට පෙර පනතක් ගෙනවිත් නොමැති බව පැවසිය යුතුයි. මෙම පනත මඟින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද මෙන්ම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සිදුවනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙම පනත ඉදිරිපත් කෙරුණා. පනත සකස් කිරීමේ දී සංශෝධනයන් රැසක් සිදුවුණා. පාර්ලිමේන්තු කාන්තා සංසදය ඊට යෝජනා සහ අදහස් ඉදිරිපත් කළා. ඒ අනුව අත්‍යවශ්‍ය වැදගත් කාරණා රැසක්ම පනතට ඇතුළත් කිරිමට හැකියාව ලැබුණා.

ඒ වගේම කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා  යාන්ත්‍රණයක් පිහිටුවීම මෙන්ම එහි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට අවස්ථාව මෙමඟින් හිමි වෙනවා. එබැවින් මෙම පනත මඟින් කාන්තාව ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.

කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීම පිළිබඳ සම්මුතියට අනුව කාන්තාවන්ට අදාළව රජය විසින් භාර ගෙන ඇති බැඳීම් බලාත්මක කිරීමට යාන්ත්‍රණ හඳුන්වාදීම සිදු වනවා.  ස්ත්‍රී පුරුෂභාවය හා ලිංගික දිශානතිය මත පදනම්ව යමෙකුට සිදුවන වෙනස් කොට සැළකීම් වලින් ආරක්ෂාව සැළසීම මෙන්ම ඒ මත පදනම්ව හිංසනයට ලක්වීම වැළැක්වීමට මෙමඟින් ද  ප්‍රතිපාදන සැළසෙන බව සඳහන් කළ යුතුයි.”

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved