Connect with us

පුවත්

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම ගැන 4වැනි සාකච්ඡා වටය අදින් අවසන්

Published

on

ලබන වසරේදී (2024) අත්සන් තැබීමට යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ සිව්වැනි සාකච්ඡා වටය පසුගිය 27 වනදා කොළඹදී ආරම්භ කෙරිණි.

විශාල සහ නැඟී එන ආර්ථිකයන්ගෙන් සමන්විත අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල් සමඟ ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන සඳහා තායිලන්ත වෙළඳපොළ ප්‍රවේශය වැඩි කිරීම පමණක් නොව එම වෙළඳපොළ හරහා අනෙකුත් ආසියාන් රටවල වෙළඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම මෙන්ම දැනට පවතින තීරුබදු නොවන බාධක අවම කිරීම, ශ්‍රී ලංකා පාර්ශ්වයේ සාකච්ඡා වල අරමුණයි.  

මෙම 4 වන සාකච්ඡා වටය සඳහා සහභාගිවීමට තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම්  (Auramon Supathaweethum) මහත්මිය ප්‍රමුඛ තායිලන්ත නිලධාරීන් 35 දෙනෙකුගෙන් යුත් දූත පිරිස මාර්තු 26 වැනිදා මෙරටට පැමිණියහ.

මීට සමගාමීව දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින්  තායිලන්ත දූත පිරිස විසින් ගංගාරාම විහාරස්ථානය වෙත පාත්‍ර 500 කට අධික ප්‍රමාණයක් පුජා කිරීම ද එදින සිදු කෙරිණ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු කේ. ජේ. වීරසිංහ මහතා ප්‍රමුඛව විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වන ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව,  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡා සඳහා සහභාගිවී සිටී.

මෙම ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සිව්වන සාකච්ඡා වටය අදින් (29) අවසන් විමට නියමිතය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved