ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) විසින් ලෝක සත්ව දිනයට සමගාමීව ලබන බදාදා සුරතල් සත්ව රක්‍ෂණ යෝජනා ක්‍රමයක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ.
මේ රක්ෂණ ආවරණය, “Petsurance”, ආරම්භක අදියරේදී සුරතල් සුනඛයන් කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව පැවසේ.
මේ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එය අනෙකුත් සතුන් වෙත ද ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අපේක්ෂාවෙන් පසුවන බව පැවසේ.
“Petsurance” මගින් සංජානනීය සහ පෙර පැවති තත්වයන් හැර හදිසි රෝගාබාධ සහ අසනීප සඳහා වෛද්‍ය රක්ෂණ ආවරණයක් ලබාදීම සිදු කෙරේ.
එය හදිසි අනතුරු සඳහා ආවරණයක් ද සපයයි.
කෙසේවුවද, මෙහි මුළු වාර්ෂික වාරිකය රු. 125,000 ක් වැනි විශාල මුදලක් ගනු ඇති බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් දැනටමත් සරතල් සුනඛයින් ඇතිකරන්නන්ගේ විරෝධය එල්ලව ඇති බවද පැවසේ.
එසේ ගෙවන වාරිකයේ ආවරණය වසරකට රුපියල් 550,000 කට සීමා වේ.