Connect with us

පුවත්

ශාෆ්ටර් බංකොළොත් වෙලා; සිය දිවි නහගත්තා දැයි සැකයි!

Published

on

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ කොළඹ හත මල්පාරේ පිහිටි නිවස රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් පෙරේදා (24) පරීක්ෂාවට ලක්කර තිබේ.

එදිනම එම නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ බිරිඳ වන ටානි ෂාෆ්ටර් මහත්මියගෙන් නැවත වරක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඇයගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති තුන්වන අවස්තාව මෙය වේ.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ෂාෆ්ටර් මහතාගේ ගේ අභිරහස් මරණය සියදිවි නසාගැනීමක් දැයි යන්න පිළිබඳ මේ වන විට විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

එලෙසම ඔහු සිය නැන්දම්මාට ( බිරිඳගේ මවට) ලියන ලද ලිපියක් කෙරෙහිද විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමුවී ඇත.

” මේ වගේ හොඳ දුවක් හදලා මට ලබාදුන් අම්මාට බොහොම ස්තුතියි” ,ආදී වශයෙන් හැඟීම්බරව ලියන ලද එම ලිපිය සහ ඇයට යවන ලද එම අදහස් ද සහිත කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන්ද විමර්ශකයන්ගේ අවධානයද යොමු වී ඇත.

සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළ ද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔවුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයි ද අනාවරණය වී ඇත.

නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් කෝටි 300 ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධවී සිදු කළ ව්‍යාපාරයකට ආයෝජන කළ කෝටි 85 ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත්, ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා වෙත ලබා දුන් රුපියල් කෝටි 160 ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය සහ තවත් ව්‍යාපාරික ගනුදෙනු වලින් රුපියල් කෝටි 2000 ක පමණ ඔහුට පාඩු සිදුවී ඇති බව පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් මේ වන විට අනාවරණය වී ඇත.

තවද ඔහු පදිංචිව සිටින කුරුඳුවත්ත මල් පාර නිවස විකිණීම සඳහා පුවත්පතක දැන්වීම් පළ කර තිබූ බවත් පවුලේ සමීපතමයන් ගේ ප්‍රකාශවලින් අනාවරණය වෙමින් පවතී

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට පවුලේ සමීපතමයන් ඇතුළු පුද්ගලයන් 70දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර සීසීටීවී දර්ශන 70 ක් පමණ පරීක්ෂාවට ලක් කර ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved