Connect with us

පුවත්

ශිෂ්‍යත්වය ලියූ දෙමව්පියෝ අද විරෝධතාවයක

Published

on

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කලින් පිටවීම හේතුවෙන් සිය දරුවන්ට අසාධාරණයක් සිදුව තිබෙන බවට චෝදනා කරන දෙමව්පියෝ ඒ සම්බන්ධයෙන් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාර්තමේන්තුව සහ පළාත් අධ්‍යාපන කාර්යාල ඉදිරිපිට දී අද (18) විරෝධතා පැවැත්වීමට නියමිතය.

මෙම සිද්ධියට අදාළව ප්‍රදේශ රැසක දෙමව්පියෝ වට්ස්ඇප් සමූහ රැසක් මේ වන විට නිර්මාණය කර ගෙන සිටිති. 

දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව කෑගල්ල ප්‍රදේශයේ වට්ස්ඇප් සමූහයකින් පෝස්ටුවක් සංසරණය කර තිබිණි.

පුවත්

සිගරට් බදු ගහන විදිය වැරදියි

Published

on

By

සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගත් මතය වන්නේ එක් සිගරට්ටුවක් විකිණීමේ දී එයට 75%ක බද්දක් අයවිය යුතු බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ඉතා කඩිනමින් සිගරට් බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගත යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මෙම බද්ද වසර කිහිපයක් තුළ පහළට එමින් තියෙනවා. මොනයම් හෝ හේතුවක් නිසා ආණ්ඩුවට එන ආදායමට වඩා… 

මොනයම් හෝ හේතුව අපි දන්නවා. චෝදනාවක් එල්ල කරනවා නෙමෙයි නමුත් මේක හරියට විශ්ලේෂණය නොකර ගත් නිසා ආයතනයට ලැබෙන ලාභය අති විශාලයි ආණ්ඩුවට ලැබෙන ලාභයට වඩා. 

ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සම්පූර්ණයෙන්ම අලුතින් හිතන්න සිගරට්වලට ගහන බද්ද සම්බන්ධයෙන්. ඒකට අපි මෙතෙන සාකච්ඡා කළා. ආණ්ඩුව පෙන්වා දුන්නා උද්ධමනයට තවත් 4%ක් එකතු කරලා තමයි කියලා මේ බද්ද ගහන්නේ. හැබැයි ඒ පැත්තෙන් බැලුවහම අපි පෙන්වා දුන්නා ගිය වසරේ බැලුවහම උද්ධමනය 1.9 නෙමෙයි 1.2යි. එහෙම නම් ඔය බද්ද වැදෙන්න ඕනේ 5.2කට. 

නමුත් ඔක්කෝටම එක බද්ද ගහනකොට නිරායාසයෙන්ම මෙතෙන විෂමතාවයක් නිර්මාණය වෙනවා. මේ තුළ අලුත් සිගරට් ඉදිරිපත් කරලා ඒවට කට්ටිය අල්ල ගන්නවා. 

තර්කය තමා එහෙම නැති වුණොත් බීඩි බොන්න ඒ අය උනන්දු වෙනවා කියලා. 

ඒ නිසා මම යෝජනා කරනවා මුදල් කමිටුව විදියට මම මේක සම්මත කළේ, අයවැය පාස් කරගන්න තියෙන අවශ්‍යතාවය නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා අපිත් සහභාගි වෙන්නම් අලුතින්ම සිගරට් බද්ද පැනවීම ගැන අපි තීරණයක් ගත යුතුයි.”

Continue Reading

පුවත්

ඉන්දියානු වාහන නිෂ්පාදක සංගමයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයක

Published

on

By

ඉන්දියානු වාහන නිෂ්පාදකයන්ගේ සංගමයේ දහ අට සාමාජික නියෝජිත පිරිසක් 2025 මාර්තු 17 සහ 18 දෙදින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. වාණිජ වාහන, මගී වාහන, යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ඇතුළු සියලු වාහනවල ප්‍රමුඛ පෙළේ නිෂ්පාදක සමාගම්වල නියෝජිතයන් මේ පිරිසට අයත් විය.

සංචාරය අතරතුර නියෝජිත පිරිස කර්මාන්ත සහ ව්‍යවාසකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ කර්මාන්ත සහ ව්‍යවාසකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හමු විය.

මෙයට අමතරව එම පිරිස මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සාමාජිකයන් ද හමු විය.

නියෝජිත පිරිස නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා හමු වී ශ්‍රී ලංකාව තුළ ඉන්දීය වාහන සමාගම්වල මෙහෙයුම් පිළිබඳව එතුමා දැනුවත් කළේය.

මෙම සංචාරය වාහන ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය සහ සංවර්ධනය ඉහළ නංවමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරයි.

Continue Reading

පුවත්

බිලියන 2.3ක් ණය නවලෝකේ, ණය නොගෙවා බිලියන 1.3ක මැෂිමක් අරන්, HNB තැන්පත්කරුවෝත් අමාරුවේ

Published

on

By

නවලෝක මෙඩිකල් සෙන්ටර් පුද්ගලික සමාගම හැටන් නැෂනල් බැංකුවට (HNB) කෝටි 63ක අතිවිශාල ණයක් ගෙවීමට තිබියදී නවලෝක සමූහාය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක වටිනාකමින් යුත් (රුපියල් බිලියන 1.33 කට ආසන්න) AI බලයෙන් ක්‍රියාත්මක MRI යන්ත්‍රයක් මිලදී ගත් බව පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් එම සමූහය පැවසීය.

නවලෝක සමූහයේ මේ තත්ත්වය හේතුවෙන් හැටන් නැෂනල් බැංකු (HNB) තැන්පත්කරුවන් බරපතල අවදානමකට ලක්ව සිටින බව පැවසේ.

අදාළ සමාගම මේ යන්ත්‍රය මිලදීගෙන ඇත්තේ හැටන් නැෂනල් බැංකුව ඇතුළු මහජන, ලංකා, DFCC හා කොමර්ෂල් වැනි දේශීය බැංකුවලට රුපියල් බිලියන 2.3කට ආසන්න මුදලක් ණය වී මාසිකව රුපියල් මිලියන 335කට වැඩි ණය වාරිකයක් ගෙවීමට තිබියදීය.

හැටන් නැෂනල් බැංකුවට ණය නොගෙවීම නිසා ඉකුත් වසරේදී එම බැංකුව විසින් කොළඹ ‌02 නව ලෝක රෝහල පිහිටි ඉඩම වෙන්දේසි කිරීම සඳහා ද අධිකරණ තීන්දුවක් ලබාගෙන වෙන්දේසියට නිවේදන ද නිකුත් කර තිබූ අතර පසුව නවලෝකය විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන එය අතුහිටුවා ගත්තේය. 

කෙසේවුවද මේවන විට ඊට අදාළ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබේ.

නවලෝක රෝහල සතුව ඇඳන් 800ක පමණ විශාල ප්‍රතිකාර කිරීමේ ශක්තියක් ඇති බව පැවසේ.

එය සන්සන්දනාත්මකව බැලීමේදී ආසිරි රෝහල් සමූහයටම ඇත්තේ ද ඇඳන් 650කට ආසන්න ප්‍රමාණයක් බව සෞඛ්‍ය ප්‍රවීණයෝ පෙන්වාදෙති.

නවලෝක රෝහලේ වැඩි කොටස් අයිතිය ජයන්ත ධර්මදාස මහතා ප්‍රමුඛ ඔහුගේ පවුල සතු වේ.

එහි කොටස් හිමිකරුවන් හා අධ්‍යක්ෂවරුන්ගේ ලයිස්තුව පහත දැක්වේ.


මේ අතර, හැටන් නැෂනල් බැංකුව විසින් සොෆ්ලොජික් පීඑල්සී ආයතනයට ද විශාල වශයෙන් ණය ලබාදී ඇති බවත්, එම ආයතනය ජර්මන් ණයදෙන ආයතනවලින් ඩොලර් ණය ලබාගෙන තිබීම නිසා මේවන විට යම් මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ද පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවට අදාළ ණය මුදල් බොල් ණය ලෙස කපාහැරීමට සිදුවුවහොත් එහි මුදල් තැන්පත්කර ඇති තැන්පත් කරුවන්ගේ මුදල් ගෙවා ගැනීමට අපහසුතත්ත්වයක් උදාවී බැංකුව බිඳවැටීමේ අවදානයක් ඇති බවට ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙවැනි විශාල ආයතන ණය ගෙවීම පැහැර හැරීම, බැංකු ණය පොලී අධිකවීම මෙන්ම සුළු ව්‍යාපාරිකයන්ට බැංකු ණය ලබා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරීයාමත්, බැංකුවලට සිය ණය ආපසු අයකර ගැනීමට ඇති පරාටේ නීතිය වැනි නීතිවලට සීමා පැනවීමත් සිදුවන බවද ඔවුහු කියති.

කෙසේවුවද, පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ එවකට සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් මණ්ඩලය විසින් නවලෝක දේපළපවරා ගැනීමේ තීන්දුව අත්හිටුවමින් අභියාචකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින දෙකකට පෙරදීය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved