Connect with us

පුවත්

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

Published

on

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වේ.

එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇත.

ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කලේය.

ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට පසුගිය දා තීරණය කරන ලදී.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් විභාග වූ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේ, පසුගිය 31 වැනි දාය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, ආන්දෝලනයකට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3කට නිදහස් ලකුණු දීම, ප්‍රශ්න 3 කප්පාදු කිරීම සහ සම්පූර්ණ විභාගය යළි පැවැත්වීම යන නිර්දේශ 3 අතරින් සුදුසුම නිර්දේශය තෝරාගෙන එය වහාම ක්‍රියාත්මක කරන ලෙසය.

මෙම එක් එක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඇතිවිය හැකි හිතකර මෙන්ම අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ලබා දිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම බව විභාග දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා පස්වරුවේ නිවේදනය කලේය.

සබැඳි පුවත්

පුවත්

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

Published

on

By

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.

ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.

සබැඳි පුවත් :

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Continue Reading

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved