Connect with us

පුවත්

ෂාෆ්ටර් බොරැල්ල කනත්තේ ‘අනාථ පැත්තේදී’ සිය දිවි නහගෙන – CID

Published

on

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇතැයි වාර්තා වේ.

දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට පෙර එනම් දෙසැම්බර් 10 වැනිදාත් බොරැල්ල පොදු සුසාන භූමියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලින් සනාථ වී තිබේ.

මේ බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මාධ්‍යයට විවෘත නොවූ මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගයේ දී පවුලේ අයටද දැනුම් දී තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබියදී බොරැල්ල කනත්තේ සේවකයකු හට හමු වී ජාතික රෝහලට ඇතුළත් කර පැය පහකට පසුව මරණයට පත්විය. 

ඔහුගේ වාහනය නවතා තිබුණේ බොරැල්ල පොදු සුසාන භූමියේ ‘අනාථ පැත්ත’ ලෙස හඳුන්වන ප්‍රදේශයේය.

ඔහුගේ ගෙල සිරවී තිබූ ඇන්ටනා කේබලයේ හා අත් සිරකර තිබූ ටයි කේබල් ඔහුට අයත් නිවසේත් තිබී රස පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර එය ඔහු මිලදී ගෙන තිබුණේ නිවසේ සේවකයකු මාර්ගයෙනි. 

ෂාෆ්ටර් දෑත්වලට කේබල් ටයි දමාගෙන රියැදුරු අසුන උපයෝගී කරගෙන ඇන්ටනා වයරයෙන් ගෙල සිරකරගෙන ඇති බවත්, එකවර අවසන් හුස්ම නොගියේ ඔහු විසින්ම ගෙල සිරකරගත් නිසා බවත් හෙළි වී ඇත.

සියදිවි නසා ගැනීමට පෙර ඔහුගේ හැසිරීම් රැසක් සාක්ෂි සහිතව විමර්ශකයන් දැනටමත් සොයාගෙන ඇතැයි විමර්ශන ප්‍රධානියකු අනාවරණය කළේය. 

ව්‍යාපාර කටයුතු නිසා ණය බර වැඩිවීමෙන් මානසික ආතතියෙන් (Depression) මොහු වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත් බව ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලබා දී තිබේ.

මෙම සාක්ෂිවලට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂිද විමර්ශන සඳහා පදනම් කරගත් අතර මෙම අබිරහස් මරණය සම්බන්ධව ෂාෆ්ටර්ගේ බිරිය, නැන්දණිය ඇතුළු 84 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් අතර සී.සී.ටී.වී. කැමරා දර්ශන හතළිහකින් ෂාෆ්ටර්ගේ සියලු ගමන් මාර්ග පරීක්ෂා කර තිබිණි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්තමක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ඇසළ පුන් පොහොය දිනය අදයි

Published

on

By

ඇසළ පුර පසලොස්වක පොහොය අදට (10) යෙදී තිබේ.

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් බෞද්ධ ජනතාවට වැදගත් වේ.

සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී බව ඉතිහාස පොත්පත්වල අන්තර්ගත වේ.

වෙස්සන්තර ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබු බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇද වැනි දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කළකිරි අභිනිශ්ක්‍රමනය  කළේද අද වැනි පුන් පොහෝ දිනකදී ය.

Continue Reading

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved