Connect with us

පුවත්

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු ගැන අලුත් තීරණයක්

Published

on

විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාතයවරයා සඳහන් කරන්නේ.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී ඊයේ (19) සිදු වූ වෙඩී තැබීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

අධිකරණය තුළදී ගිනි අවි භාවිතයට ආරක්ෂක නිලධාරීන් සඳහා අවසරය නොමැති නමුත් නිසි ක්‍රමවේදයට ආරක්ෂාව යොදවා තිබුණු බව පවසන අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ අධිකරණ පරිශ්‍රයට පිවිසෙන පුද්ගලයින් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයේ යම් දුර්වලතාවයක් පැවතුණේ නම් ඉදිරියට එවැන්නක් සිදු නොවීමට ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන බවය.

ඒ අනුව බුද්ධි අංශ ලබා දෙන තොරතුරු මත පදනම්ව මහජන ආරක්ෂක සැලසුම් ශක්තිමත් කිරීම තම අමාත්‍යංශයේ බලාපොරොත්තුව බව විජේපාල මහතා කියාසිටින්නේය  .

මේ අතර අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්  අධිකරණ   අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ එවැනි සැකකරුවන් අධිකරණයට රැගෙන ඒම වළක්වමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටීමේ පහසුකම සැපයීම වෙනුවෙන් පනතද කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බවයි.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved