Connect with us

පුවත්

සක්විති හා බිරිය තවත් ලක්ෂ 50ක් තැන්පත් කරයි

Published

on

වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට අධිකරණයෙන් කළ නියෝගයට අනුව රුපියල් ලක්‍ෂ 50ක දෙවැනි වාරිකය විත්තිකාර යුවළ ඊයේ (24) අධිකරණයේ තැන්පත් කළේය.

එම මුදල තැන්පත් කරනු ලැබුවේ සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවනවට අනුවය.

නීතීපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රයට වරද පිළිගැනීමෙන් අනතුරුව වංචා කළ මුදල රුපියල් ලක්‍ෂ 50 බැගින් වු කොටස් 20කින් ගෙවීමට මීට පෙර අවස්ථාවක අධිකරණය නියම කළේය.

එම නියමයට අනුව නඩුව කැඳවනු ලැබු අවස්ථවේදී රුපියල් ලක්‍ෂ 50ක වාරිකය අධිකරණයේ තැන්පත් කළේය.

2006 සහ 2008 කාල වකවානු අතරතුරදී මුල්‍ය පනතට පටහැනි අන්දමට ”සක්විති කන්ට්‍රක්ෂන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්” නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් 16 41 85 000/-ක මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීම මුල්‍ය පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවෙදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.

මුලින්ම මෙම සිද්ධියට අදාළව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙකනුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබු අතර මීට පෙර අවස්ථාවක ඉන් විත්තිකරුවන් 09 දෙනෙකු නීතීපතිවරයාගේ උපදෙස් මත නිදහස් කෙරිණී.

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ මීට පෙර අවස්ථාවකදී වරද පිළිගත්හ.

ඒ අවස්ථාවේදී අදාළ මුදල රුපියල් ලක්‍ෂ 50 බැගින් වු වාරික 20කින් ගෙවීමට අධිකරණය නියම කළ අතර ඒ අනුව නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ දෙවැනි වාරිකය අධධිකරණයේ කැන්පත් කළහ.

නඩුවේ ඊළඟ වාරිකය සැප්තැම්බර් 22 වැනිදා ගෙවීමට නියම විනිසුරුවරයා නඩුව එදින යළි කැඳවීමට නියම කළේය. 

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා සමඟ නීතීඥ ගාමිණී අල්විස් මහතා පෙනී සිටියේය.

පුවත්

උතුරු – නැගෙනහිරට සංවර්ධනයේ ප්‍රතිලාභ දෙන බව ජනපති කියයි

Published

on

By

යුද්ධය නිසා උතුරු නැගෙනහිරට බලපෑ ප්‍රශ්න කඩිනමින් අවසන් කර එම ජනතාවට ද සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම වෙනුවෙන් යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් දකුණු පළාත තුළ පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනපතිවරයා යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකළ සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පෙරවරුවේ මේ බව පැවසීය.

මේ අතර “උරුමය ”  වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1,286ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතාවට ලබාදීම අද යාපනයේදී සිදුකෙරිණි.

එමෙන්ම උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට අදාළව “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතව තිබේ.


Continue Reading

පුවත්

පැපුවා නිව් ගිනියාවේ දරුණු  නායයාමක්

Published

on

By

පැපුවා නිව් ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (23) සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බවද පැවසේ.

මෙම නායයෑම සිදු වූ  Enga නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පවසා ඇත්තේ මෙය මීට පෙර සිදුනොවූ ස්වභාවික ව්‍යවසනයක් බවය.

එමෙන්ම පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape පවසා ඇත්තේ, මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවය.

Continue Reading

පුවත්

හලාවත ගොල්ෆ් පිටියක් හදන්න සැලසුම් කරයි

Published

on

By

හලාවත ගොල්ෆ් පිටියක් ඉදිකිරීමට සැලසුම් කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා  නිවේදනය කළේය.

ඒ ඉරණවිල හා හලාවත ප්‍රදේශය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සමස්ත උපාය මාර්ගයේ කොටසක් ලෙස බවද ඔහු කීය.

මේවන විට ශ්‍රී ලංකාව තුළ දැනටමත් කොළඹ, මහනුවර සහ නුවරඑළියේ ගොල්ෆ් පිටි කිහිපයක් තිබේ.

සිදුරු 18කින් යුත් ගොල්ෆ් පිටි පහක් සහ සිදුරු 9කින් යුත් ‍ගොල්ෆ ක්‍රීඩාංගණ කිහිපයක් ද ශ්‍රී ලංකාව සතුවේ.

ගොල්ෆ් පිටියට අමතරව හලාවත සහ බිංගිරිය අතර සම්බන්ධක මාර්ගයක් ඉදිකෙරෙන අතර ඉන් අපනයන කලාපයක් පුළුල් කරන බව ද අමාත්‍ය ගුණවර්ධන මහතා පවසයි.

හලාවත – ඉරණවිල සංචාරක මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු බිංගිරිය ඒකාබද්ධ සංවර්ධන සැලැස්මට සම්බන්ධ කාර්ය සාධක බලකායක් මගින් අධීක්ෂණය කිරීමට නියමිත බවද පැවසේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved