Connect with us

පුවත්

සජබෙ ඇවිලෙයි.ලක්ෂ්මන් රෝහිනී වලියක්

Published

on

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය දඹුල්ලේ පැවති සමගි ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර තිබේ.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී තිබු බවට වාර්තා වේ.

මෙහිදී ඔහු එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසා ඊට උරන වූ කවිරත්න මහත්මිය ලක්ෂ්මන් වසන්ත මහතා වේදිකාවෙන් බැස පිටව යන තුරු වේදිකාවට නොපැමිණෙන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිට තිබෙන බව පැවසේ.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා මහතා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබු අතර ඒ අනුව ඇය සජිත් ප්‍රේමදාස මහතා සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනක අසුන් ගෙන තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවය .

එහෙත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන ලෙසද ඇය එහිදි සඳහන් කළාය.

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද යළි වර්ජනයක

Published

on

By

සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි.

අද උදෑසන 8.00 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

කෙසේවෙතත් මෙම වර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතන සම්බන්ධ නොවන බව සඳහන්ය.

උසස්වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගියදා වර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් රෝගීන් ද දැඩි දූෂ්කරතාවයකට පත්වුණි.

අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක් වන බව චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved