Connect with us

පුවත්

සජබ ආසන සංවිධායක සසංක සම්පත් අත්අඩංගුවට

Published

on

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා අද (26) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් (21) දින ජාතික ජන බලවේගයට සහය දක්වන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරිනියෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වෙත ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නාවලපිටිය පොලිසිය පියවර ගෙන තිබුණි.

ඒ අනුව,  නාවලපිටිය මහෙස්ත්‍රාත් ලනස්ජි රත්නායක මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුට තරයේ අවවාද කර රු ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර යලිත් මෙම නඩුව ලබන මස (28) දින කැදවිමට ඇය නියෝග කලේය.  

පැමිණිලිකාරිනිය විසින්ද සැකකරුට බැන තර්ජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු නාවලපිටිය පොලිසිය වෙත කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන්ද විමර්ෂණයක් සිදු කර අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළ බවද නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා පවසා සිටියේය.

පුවත්

Starlink  සේවාවන්  ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිල වශයෙන් නිවේදනය කරයි

Published

on

By

Starlink සිය සේවාවන් දැන් ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මේ ගැන සඳහන් කරමින් ඊලෝන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම වෙත සටහනක් ද එක්කර තිබේ.

Continue Reading

පුවත්

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළේය.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved