Connect with us

පුවත්

සජිත්ගේ නායකත්වයට අභියෝග කරමින් පළමු වෙඩි මුරය පත්තු වෙයි!

Published

on

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ ඇති බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“දිවයිනේ දිස්ත්‍රික්ක 22ටම ඉතාම සාර්ථකව නාමයෝජනා භාරදීමට පුළුවන් වුණා. අපේ මැතිවරණ ව්‍යාපාරය දැන් අපි ආරම්භ කරලා තියෙනවා. මේ රටේ විවිධ දේශපාලනඥයින් මැත කාලයේදී අනුගමනය කළ ආත්මාර්ථකාමී දේශපාලන ප්‍රතිපත්ති සහ වැඩපිළි‍වෙළ නිසා යම් කිසි හානියකට පත්වන්න සිදුවුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ට. එය බොහෝ විට ඒ දේශපාලන පක්ෂවල නායකයින් විසින් හැසිරෙණ විදිහ, ඔවුන්ගේ දූෂිත ගණුදෙනු මේ සියල්ල හේතුවුණා. එය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගය අපි ආරම්භකළා. එහි ප්‍රතිඵලයක් ලෙස අපිට පුළුවන් වුණා හැම දිස්ත්‍රික්කයකම වාගේ ජනතා නියෝජනයක් ඇති නායකයින් අපහා එකතුකරගන්න.”

ප්‍රශ්නය – දැන් ඔබතුමා විපක්ෂ නායක වෙන්නද හදන්නේ? එතකොට සජිත්ට මොකද වෙන්නේ ?

“එතුමා දැන් විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ තිබෙනවා මම හිතන්නේ. ඒක ඔහුගේ පක්ෂය ඇතුළෙත් විශ්වාසකරන තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඉතින් එතුමාට සුබ පතනවා ඒ විශ්‍රාම දිවිය හොඳින් ගතකරන්න පුළුවන් වේවා කියලා. එතකොට මේ රටට ප්‍රබුද්ධ විපක්ෂයක් අවශ්‍යයයි කියලා ජනතාව විශ්වාසකරන බව අපේ හැගීම. ඒ ප්‍රබුද්ධ හා අභීත විපක්ෂය අපේ සර්වජන බලය කේන්ද්‍රීය එඩිතර විපක්ෂයක් නිර්මාණය කිරීම අපේ අරමුණ.”

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කිහිපයක හිටපු සභාපතිවරුන් උපසභාපතිවරුන් වන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් නන්දසිරි රණතුංග, බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති කැළුම් තුෂාර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ලංකා විජිත කුමාර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී තුෂාර අශෝක කුමාර යන අයද දිලිත්ගේ පක්ෂය හා එක්ව තිබේ.

එසේම ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අංජන ශ්‍රීනාත් සර්වජන බලයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙසත් ව්‍යවසායක ජයන්ත අතපත්තු එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලෙසත් පත් කර ඇත.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved