Connect with us

පුවත්

සජිත්ට ආරක්ෂාව දෙන ලෙස කතානායකගෙන් ඉල්ලයි

Published

on

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී ඉල්ලීමක් කර තිබේ.

මේ අනුව කතානායකවරයා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පසුගිය 12 වැනිදා කැඳවා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් එවැනි තර්ජනයක් ගැන තමාට වාර්තා වී නැති බව පොලිස්පතිවරයා විසින් එහිදි පවසා තිබේ.

මේ අවස්ථාවේදී කරුණු දක්වා ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී සමහරුන් එදා ප්‍රකාශ කළේද මෙවැනි කතා බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන්ය.

මෙම තර්ජනය ගැන දැන ගන්නට ලැබීමෙන් පසු විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට ලිපි කිහිපයක් පසුගිය කාලයේදී යොමු කර ඇතත් ඒවාට පිළිතුරක් හෝ නොලැබුණු බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉන්දියාවේ ගුජරාටියේදී අත්අඩංගුවට ගත් අයිඑස් ත්‍රස්තයන් පිරිසක් විපක්ෂ නායකවරයාට ඇති මෙම තර්ජනය ගැන අනාවරණය කර තිබූ බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබු බවට ලංකාදීප පුවත්පත වාර්තා කරයි

මෙම තර්ජනය සම්බන්ධයෙන් සොයා බලා විපක්ෂ නායකවරයාට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන්නැයි අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙන බව පැවසේ.

විපක්ෂ නායකවරයාට ඇති තර්ජනය පිළිබඳව වාර්තාවක් වහාම කැඳවා ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පතිවරයා එහිදී දැනුම් දී තිබෙන බව සඳහන්ය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved