Connect with us

පුවත්

සජිත්, චම්පික හැලුවේ ලක්ෂමන්ගේ කීමට?

Published

on

සමගි ජන සන්ධානය හා ගිවිසුම්ගත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය සමඟ එකඟ වූ කොන්දේසි කඩකර ඔවුන් සන්ධානයෙන් පන්නා දැමූ බවට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂ අභ්‍යන්තරයෙන් චෝදනා එල්ලවී ඇතැයි පැවසේ.

අදාළ පිරිස පෙන්වා දී ඇත්තේ මේවන විට ජාතික ජන බලවේගයට ඇති ජන රැල්ල නිසා ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධානයට දරුණු පසුබෑමකට ලක්වීමට සිදුවනු ඇති බවත්, එම පරාජයත් සමඟ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට අභියෝගයක් එල්ලවිය හැකි එකම පුද්ගලයා පාඨලී චම්පික රණවක මහතා බැවින් මේ තත්වය නිර්මාණය කර ඇති බවයි.

මේ කුමන්ත්‍රණය ද සජබ නිල නොවන නායකයා බව කියන ලක්ෂ්මන් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීමෙන් සිදුවූවක් බවට ද ඔවුන් චෝදනා කර තිබේ.

මේ අතර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක තනතුරෙන් හිටි හැටියේ ඉවත්වීමට ද ලක්ෂමන්ගේ සම්බන්ධයක් ඇතැයි එම පක්ෂ අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

හිරුණිකාගේ අදාළ තීන්දුවට සෘජුවම බලපා ඇත්තේ සජබ බටහිර කොළඹ ආසන සංවිධායක ධූරය ලබාදුන් දීපිකා සඳමලී අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියට කොලොන්නාව ආසනය තුළ ද ඡන්ද ව්‍යාපාර කටයුතු කිරීමට සජබ නායක සජිත්ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය හා ලක්ෂ්මන් ෆොන්සේකා මහතා විසින් නිල බලයක් ලබාදීම බවද පැවසේ.

මේ අතර, ඉතා කුඩා ආසන වන බියගම හා කැලණිය යන ආසන සඳහා සම සංවිධායකවරුන් පත්කරමින් එම ආසන අච්චාරු කිරීමට ද ලක්ෂමන්ගේ මැදිහත්වීම සිදුව ඇතැයි වාර්තා වේ.

සජබ ආසන සංවිදායක හා අපේක්ෂක යන තනතුරු ලැබෙන්නේ පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්ද පිරිසට නොවන බවත්, එම තනතුරු මේවන විට ලබාදීම සිදු කරනු ලබන්නේ ආර්ථික කරුණු මත යැයි එම පක්ෂයේ පැරණි ක්‍රියාකාරියකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

සබැඳි පුවත්

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved