Connect with us

පුවත්

සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි ජනතාවට විකිණූ පුද්ගලයාට දුන් දඬුවම

Published

on

සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සඳහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට මාස 04 බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 10,000ක දඩ මුදලක් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකට අදාළව මෙම නඩු තීන්දුව ලබා දී ඇත.

මෙලෙස සිරදඬුවම් ලබා දී ඇත්තේ සත්ත්ව ආහාර නිෂ්පාදකයෙකු වූ කුලියාපිටිය හෙට්ටිපොල පාර නිව් ප්‍රේමා ඇනිමල් ෆීඩ්ස් මනුෆැක්චර්ස් ආයතනයේ ධනුෂ්ක ඉන්දික බණ්ඩාර සුබසිංහ යන අයටය.

2019 ජනවාරි මාසයේදී ලද තොරතුරකට අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව 2019.01.12 දිනයේ අදාළ ආයතනයේ වැටලීම සිදුකර තිබේ.

එහිදී, දේශීය කිරිපිටි නිෂ්පාදකයකු විසින් සත්ත්ව අහාර සඳහා අලෙවිකරණ ලද කිරිපිටි මෙම පුද්ගලයා මිලදීගෙන ඒවා මනුෂ්‍ය පරිභෝජනය සඳහා ව්‍යාජ ලෙස නැවත ඇසුරුම් කරන බව හෙළි වී ඇත.

අදාළ ව්‍යාපාරිකයා විසින් සත්ත්ව කිරිපිටි මෙට්‍රික් ටොන් 200 ක් පමණ මිලදීගෙන ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 40 ක් පමණ එම අවස්ථාව වන විටත් අයිස් ක්‍රීම්, යෝගට් හා බිස්කට් නිෂ්පාදනය සඳහා අලෙවිකර අවසන්ව තිබී තිබේ.

ඒ අනුව, අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව 2019 ජනවාරි මස 18 දින කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙලෙස නඩු පවරා ඇති අතර වසර 5ක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසුව අදාළ ව්‍යාපාරිකයා වරදකරු බවට අධිකරණය මගින් තීන්දු කර ඇත.

අදාළ භාණ්ඩ තොගය වන පරිභෝජනයට නුසුදුසු සත්ත්ව කිරිපිටි මෙට්‍රික් ටොන් 160 ක ප්‍රමාණයද අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමටද නියම කරන ලදී.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved