Connect with us

පුවත්

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බරපතළ චෝදනාවක්

Published

on

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සූකර උණ රෝගය ව්‍යාප්ත වී ඇති බව ශ්‍රී ලංකා සත්ව ප්‍රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමය පවසයි.

එම සංගමයේ ජයලත් බාලසූරිය මහතා පවසන්නේ බලධාරීන් අදාළ රෝග නිවාරණ පනතට අනුව ක්‍රියාත්මක වූයේ නම් මෙම සූකර උණ රෝගය මැඩපැවැත්වීමට හැකියාව පැවති බවය.

“මේ වගේ රෝගයක් හැදුනහම පළමුවෙන්ම කරන්න ඕනේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේක වාර්තා වුණාට පස්සේ, මුලින්ම රෝගය හඳුනාගන්න ඕනේ. ඊට පස්සේ 1992 අංක 59 දරණ සත්ත්ව රෝග නිවාරණ පනත අනුව ඒ ප්‍රදේශයේ ඉන්න අධ්‍යක්ෂවරයාට පුළුවන් ඒ රෝගය තියෙන ස්ථානය වසා දමන්න. මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරලා මේ වගේ බෝවෙන රෝගයක් තියෙනවා ඒ නිසා මේ ස්ථානය සීල් තියන්න පුළුවන්. බැහැයි පහුගිය මාස 5ක් තිස්සේ මේ ක්‍රියාදාමය ලංකාවේ කොහේවත් වෙලා නෑ. ඒ කියන්නේ ක්‍රියාදාමය හිතාමතාව පැහැර හැරලා. කිසිම දෙයක් වෙන්නේ නැතුව ලංකාව පුරාම පැතුරුණාට පස්සේ ගැසට් එකක් ගහනවා. ඒක කරන්න ඕනේ ලංකාවට රෝගය ආවා කියලා හඳුනා ගත්තට පස්සේ.”

මේ අතර තම ගොවිපළේ ඌරන්ට කිසියම් රෝගී තත්ත්වයක් පවතින්නේ නම් වහාම පශූ වෛද්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා ඉල්ලීමක් කරයි

පුවත්

තවත් ඩිෆෙන්ඩරයක් වෙන්නපුවෙන්

Published

on

By

ලියාපදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව – මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලුණුවිල – මිරිස්සන්කොටුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනක් බව වාර්තා වේ.

රජයට අයත් වාහන පහක් නිවසක සගවා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව අදාල නිවස පරික්ෂා කිරිමේදි මෙම ඩිෆෙන්ඩර් රථය සොයා ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ ලියාපදිංචි අංක කිසිවක් නොමැති බවත් චැසි අංකය හා එන්ජින් අංකය මකා දමා විකෘති කර ඇති බවත් පරික්ෂා කිරිමේදි අනාවරණය වූ බව පොලිසිය පවසයි.

Continue Reading

පුවත්

ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු

Published

on

By

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් කවුළු 5 ක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමිත ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු සහ විදේශ ව්‍යහාර මුදල් ව්‍යාපාරයේ නියුක්ත සීමිත වෙළෙඳුන් වෙතින් ලංසු කැඳවා තිබුණි.

ඒ සඳහා, ආයතන පහක් විසින් ලංසු ඉදිරිපත් කර තිබු බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව වසර 3 ක කාල සීමාවක් සඳහා පහත සඳහන් ආයතන වෙත ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම පැවරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

  • කවුළු අංක 25 රුපියල් මිලියන 798.028 + බදු සහිත මුදලකට ලංකා බැංකුව වෙත
  • කවුළු අංක 02 රුපියල් මිලියන 633.662 + බදු සහිත මුදලකට සම්පත් බැංකුව වෙත
  • කවුළු අංක 04 රුපියල් මිලියන 381.364 + බදු සහිත මුදලකට කොමර්ෂල් බැංකුව වෙත
  • කවුළු අංක 10 රුපියල් මිලියන 299,064 + බදු සහිත මුදලකට තෝමස් කුක් ලංකො (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත
  • කවුළු අංක 11 රුපියල් මිලියන 225.689+ බදු සහිත මුදලකට හැටන් නැෂනල් බැංකුව වෙත

Continue Reading

පුවත්

ගෝල්ෆේස් පිටිය ගැන විශේෂ තීරණයක්

Published

on

By

ගාලු මුවදොර පිටිය විවිධ උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සමරුම් වැනි  සමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එම තීරණය ගත් බවය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023‑04‑17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණි.

ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0ක පමණ පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

රජය පවසන්නේ , එම මුදල ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙන්ම ජනතාවට නිදහසේ සහභාගිවීමට අවකාශ සලසන උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවය.  

ඒ අනුව, “පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්” යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත්ව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved