Connect with us

පුවත්

‘සත්ත්ව සංගණන වාර්තා දෝෂ සහිතයි’: නියැදි පරීක්ෂණයක් යළිත්

Published

on

කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනට ලැබී ඇති සත්ත්ව සංගණන වාර්තාවේ දෝෂ තිබෙන බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් ලැබී තිබෙන සංගණන තොරතුරු නිවැරදි නොවන බැවින් තවත් සංගණන වාර්තාවක් සකස් කිරීමට සිදුවන බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.

අඩුපාඩු සහිත සංගණන වාර්තාව නිවැරැදි කිරීමට රිලවා, වඳුරා, දඬුලේනා සහ මොනරා ආදී සතුන් පිළිබඳව නැවත නියැදි සමීක්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේ ය.

දිස්ත්‍රික්ක මට්ටමින් සාම්පල් ලබාගෙන තොරතුරු විශ්ලේෂණය කිරීමේ පරීක්ෂණයක් සිදුකරන බව ද ඔහු කීය.

පසුගිය දා දිවයින පුරා පැවැත්වූ සංගණනයේ තොරතුරු හා නව සමීක්ෂණයේ තොරතුරු සංසන්දනය කර නිවැරදි වාර්තාව සකස් කරන බව ත් නිර්දේශ සහිත අවසන් වාර්තාව ලබා දීම සඳහා නිශ්චිත කාලයක් ප්‍රකාශයට පත්කර නොමැති බව ත් එම නිලධාරියා පැවසීය.

වන සතුගෙන් වගා හානි වැළැක්වීමට පත්කළ කමිටුවේ කාර්යයක් අනුව සංගණනය පැවැත්වූ බව ත් කෘෂිකර්ම අමාත්‍යාංශය සංගණනය උපකාරි කරගෙන සත්ත්ව පාලනයට ගතයුතු නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් සිදුකරන බව ත් හෙතෙම සඳහන් කළේ ය.

වන සතුන්ගෙන් ජනතාවට එල්ල වන ගැටලුවලට ප්‍රායෝගික පියවරයන් ගැනීම සඳහා සතුන් සිටින ප්‍රමාණ දැන සිටිය යුතු අතර නිර්දේශ ඉදිරිපත් කිරීමේ වාර්තාව සැකසීමේදී සත්ත්ව සංගණනය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට සංගණනයේ සංඛ්‍යා දත්ත යොදාගන්නා බව ඔහු කීය.

තවත් පාර්ශ්ව සමග සාකච්ඡා කර, සමීක්ෂණ තොරතුරු ලබාගෙන, විශ්වවිද්‍යාල අධ්‍යයන ගැන සොයා බලා, සත්ත්ව හිංසනයට විරුද්ධ පාර්ශ්වයන්ගේ සහ ගොවීන්ගේ අදහස් ලබාගෙන නිවැරදි වාර්තාවක් සැකසීමට කාලයක් ගතවනු ඇති බව ද එම නිලධාරියා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සංගණනයේ අවසන් වාර්තාවක් ලබා දෙන බවට සමාජයට වැරදි පණිවිඩයක් ගොස් තිබෙන බව ත් වන සත්ත්ව සංගණනය යටතේ කොපමණ සතුන් ප්‍රමාණයක් වාර්තා වූයේදැයි ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ත් හෙතෙම සඳහන් කළේ ය.

– මව්බිම –

පුවත්

සෑම පාසල් සිසුවෙකුටම දත්ත ගොනුවක්

Published

on

By

පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් (Unique Identity Card) මෙමගින් හඳුන්වාදීමට නියමිත බව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන පරිවර්තය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන, අනධ්‍යන සේවකයින්, දරුවන් සහ පාසල් ඇතුළු සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02) අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.

ජාතික උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු දරුවන්ගේ සියලු  දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීමට මෙහි දී යෝජනා කළ බව පැවසේ.

2026 වර්ෂයේ දී සිදුකරන අධ්‍යාපන පරිවර්තයට සමගාමීව දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේ කටයුතු පහසු කර ගැනීම, ගුරු සහ විදුහල්පති  පුරප්පාඩු හදුනාගැනීම, පත්වීම් ලබාදීම, උසස් කිරීම, ස්ථානමාරු සිදු කිරීම, අඛණ්ඩ ඇගයීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය ඇතුළු පාසල් පද්ධතියේ සියලු කාර්යයන් කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම දත්ත පද්ධතිය මගින් හැකි වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා තිබේ.

ලබන වසරේ සිට පළමු වසරට සහ හයවන වසරට ඇතුළත්වන දරුවන් මූලික කර ගනිමින් මෙම දත්ත පද්ධතිය ආරම්භ කිරීමටද මෙහි දී සාකච්ඡා කර ඇත.

ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය සැකසීම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශය මගින් ලබා දෙනු ඇත.

Continue Reading

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved