Connect with us

පුවත්

“සතොස බාල හාල් කිලෝ 11500ක් විකුණලා”

Published

on

තත්ත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවිසැල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් විශාල දූෂණයක් සිදුකර ඇතිබව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කලේය.

සතොස ආයතනයේ සිස්ටම් ඔඩිට් මුල් ටෙන්ඩරයේ ලියකියවිලි අතුරුදහන් කර ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව මහතාගේ සමාගම වෙත එය පිරිනමා ඇති බව මන්ත්‍රීවරයා  විසින් පවසන ලදී.

එම මුල් ටෙන්ඩරයේ ලියකියවිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් කල යුතු බව ද මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් සඳහන් කරන ලදී.

හෙතෙම සඳහන් කර සිටියේ  “සතොස හොර ගුහාවක්” බවට පත්ව ඇති බවය.

සමූපකාර වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා විවාද අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා විසින් මෙම අදහස් දක්වන ලදී.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනයේ සඳහන් පරිදි,

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළයේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා
රළු විය හැකිය.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න 

Published

on

By

ඊයේ (මැයි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved