එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කියයි.
මේ වනවිට විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්වී නව සන්ධානයක් බිහිකර ගැනීමේ අරමුණින් විවිධ සාකච්ඡා පවත්වමින් සිටින බවද පැවසේ.
කෙසේවෙතත් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.
සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්වී තරග කිරීමට සාකච්ඡා කළ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් එම සාකච්ඡා බිඳවැටුණි.
ඒ අනුව සමගි ජන බලවේගයද මහා මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා සකස් කරමින් සිටියි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපතිවරණයේදී එකමුතුව වැඩ කළ හිටපු මන්ත්‍රිවරු තිස්පස් දෙනකු පමණ සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ඉල්ලා ඇතැයි මේ අතර වාර්තා වේ.
ඒ අතර, එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු සාමාජිකයන්ද සිටින බව පැවසේ.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ දූෂණ, වංචා හෙළි කරමින් කරළියට පැමිණි වෛද්‍ය චමල් සංජීව හා රවි කුමුදේෂ් ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව වෛද්‍ය චමල් සංජීව, කොළඹ දිස්ත්‍රික්කයටද, රවි කුමුදේෂ් ගම්පහ දිස්ත්‍රික්කයටද තරග කිරීමට නියමිත බව පැවසේ.