Connect with us

පුවත්

සඳගල ගල්කර ඇත්තේ ‌කෙහෙළියගේ ලේක්හවුස් උපදේශකයින්!

Published

on

මහනුවර ඓතිහාසික සඳගල සොරකම් කර කුඩු කිරීමේ අපරාධයට චෝදනා ලැබ සිටින දෙදෙනෙකු කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ ඔහු විසින් උපදේශකයන් ලෙස පත් කර සිටි අය බව හෙළිව තිබේ.

අදාළ පුද්ගගලයන් 2020.12.07 දින සිට ලේක් හවුස් ආයනයට බඳවාගෙන උපදේශ දීමනා ලෙස ලක්ෂ 18කට වැඩි මුදලක් ලේක් හවුස් ආයතනයෙන් ගෙවා ඇති බවද වාර්තා වේ.

කුණ්ඩසාලේ කීර්ති ශ්‍රී රාජසිංහ මාළිගාවේ තිබූ අදාළ සඳගල ටොන් එකක් පමණ බරැති එකක් වන අතර මේ  පුරාවස්තුව සොරකම් කරගෙන පැමිණි සැකකරුවන් එහි නිධානයක් ඇතැයි සැකයෙන් ඒය කුඩුකර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ ප්‍රධාන චූදිතයා වන්නේද මේ උපදේශකයින්ගෙන් අයෙකි.

මේ අතරින් පොලිසිය මුල සිටම හදුනාගනෙ සිටි එක් අයෙක් අරුප්පොල පදිංචි අයෙක් වන අතර ඔහු අමාත්‍යවරයාගේ ව්‍යාපාරික සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.

ඔහුව ලේක් හවුස් ආයතනයට අනුයුක්ත කර උපදේශකයෙක් ලෙස වැටුප් ගෙවා තිබිණි. 

එසේ වැටුප් ලැබූ අදාළ පුද්ගලයා ලේක්හවුස් ආයතනයේ පස්පාගාවත් නොමැති බව පැවසේ.

සඳගල අපරාධය සම්බන්ධ විමර්ශනය නුවරින් ගැලවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණ අවස්ථාවේ සිට  ප්‍රස්තුත  තැනැත්තා අරුප්පොල නිවසින් අතුරුදහන්ව ඇමතිවරයාගේ රැකවරණයේ සිටි බව බුද්ධි අංශ වාර්තා කර ඇති බවද වාර්තා වේ.

මෙම සම්බන්ධීකරණ ලේකම්වරයා සිය ඩිෆෙන්ඩර් රථය යොදාගෙන මෙම සොරකමට ආරක්ෂාව සැලසූ ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි.

සඳගල සොරකමට ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි හැටි….

පසුව කළ විමර්ශන වලදී මෙම පුරාවස්තුව ගැලවීම සඳහා යොදා ගත් බූම් ට්‍රක් රථය ද මෙම පුද්ගලයාට හිමි එක්ක බව හෙළි විය.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ නියමයෙන් උපදේශකයෙක් ලෙස ලේක් හවුස් ආයතනයෙන් පඩි ලැබූ අනෙක් පුද්ගලයා නිධානයක් ඇතැයි උපකල්පනය පිට සඳගල කුඩු කළ පසු එම විනාශ වූ ගල් කැබලි වරාතැන්නෙන් මහවැලි ගඟට විසි කළ තැනැත්තෙක් බව පොලිසිය කීවේය.

පසුගිය දා පැවති කෝප් කමිටුවේ දී මේ සම්බන්ධව කළ ප්‍රශ්න කිරීමේ දී අතිරේක සාමාන්‍යාධිකාරී මුදල් විසින් ප්‍රකාශ කළේ ඇමතිවරයාගේ නිර්දේශ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශ මත මෙම පුද්ගලයින් දෙදෙනාට වැටුප් ගෙවීම සිදුකර ඇති බවය.

කෝප්කමිටු සභාපති මහාචාර්ය රන්ජිත් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ලේක්හවුස් සභාපති සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට ප්‍රකාශ කළේ  මේ අවස්ථාවේ දී බරපතල වැරැද්දක් ආයතනය සිදුකර ඇති බවත් මින් ඉදිරියට එවැනි වැරදි සිදුනොවීම සම්බන්ධව සහතික වන බවත්ය.

සබැඳි පුවත් :

සඳගල ඉස්සුවාට පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ්

සඳගල ට විදල තියෙන්නේ දේශපාලන සහචරයෝ පිරිසක්!

රජවැල්ලේ ගල සෙවීම CIDයට බාර දෙයි!

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved