Connect with us

පුවත්

සබරගමුව විශ්ව විද්‍යාලයේ විශේෂ හින්දි පීඨයක්

Published

on

මෙරට සිටින මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ප්‍රථම වරට 2023 ජනවාරි 11 වන දින බෙලිහුල්ඔය, සබරගමුව විශ්ව විද්‍යාලයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර එතුමා විශ්ව විද්‍යාලයේ විශේෂ ICCR හින්දි භාෂා පීඨයක් (ICCR Chair of Hindi Language) ස්ථාපනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට විශ්ව විද්‍යාලයේ උප කුලපති ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය. මෙම අවබෝධතා ගිවිසුම හරහා විශ්ව විද්‍යාලයේ හින්දි භාෂා පාඨමාලා ඉගැන්වීම සඳහා ඉන්දියාවෙන් මහාචාර්යවරුන් ලබා ගැනීමට හැකි වනු ඇත.

මහ කොමසාරිස්තුමා අලුතින් ස්ථාපනය කරන ලද විශේෂ ICCR හින්දි පීඨයෙහි ඉහළම දක්ෂතා දක්වන සිසුවා සඳහා පිරිනැමෙන මහ කොමසාරිස්තුමාගේ රන් සම්මානය ද මෙහිදී නිවේදනය කළේය. විශ්ව විද්‍යාලය සහ මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ හින්දි කවිතා තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහතිකපත් පිරිනැමීම ද මහ කොමසාරිස්තුමා අතින් සිදු විය.

මහ කොමසාරිස්තුමා සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා සහ භාෂා පීඨය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද සමාජ විද්‍යා සහ භාෂා පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ (ICSSL) ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද සහභාගී විය. ICSSL සමුළුව ශාස්ත්‍රඥයන්, පර්යේෂකයන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ මහාචාර්යවරුන්ගේ සමාජ විද්‍යා සහ භාෂා ක්ෂේත්‍රයන් හි පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කිරීම සඳහා විවෘත වේදිකාවකි. මහ කොමසාරිස්තුමා සහ උප කුලපතිතුමා විසින් මෙහිදී පළමු ICSSL සමුළුවේ වෙබ් පිටුව ද විවෘත කරන ලදී.

මෙම අවස්ථාව අමතමින් මහ කොමාසාරිස්තුමා තිරසාරභාවය සහ තිරසාර සංවර්ධන අභිමාතාර්ථ සම්බන්ධයෙන් ඉන්දියාවේ ජයග්‍රහණ ගෙනහැර දැක්වීය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ වදන් සිහිපත් කරමින් එතුමා පැවසූයේ ප්‍රති භාවිතය, ප්‍රතිචක්තිකරණය, ප්‍රති නිර්මාණය කිරීම, ප්‍රති නිෂ්පාදනය වැනි තිරසාරභාවය සඳහා වැදගත් වන පියවර ඉන්දියාවේ සංස්කෘතික ආචාර ධර්මයන්හි කොටසක් වන බවයි. ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට ඉහළ විභවතාවයක් ඇති බව අවධාරණය කළ එතුමා ඉන්දියාව තිරසාර බලශක්ති මූලාශ්‍රයන්ගෙන් විදුලිය නිපදවීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන බව ප්‍රකාශ කළේය. එසේම, ඉන්දියාව අඛණ්ඩව විශ්ව විද්‍යාලයට සහයෝගය ලබා දෙන බවට ද එතුමා සහතික විය.

අධ්‍යාපනය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වැදගත් සහයෝගීතා ක්ෂේත්‍රයකි. මදුරාසියේ තාක්ෂණය පිළිබඳ ඉන්දියානු ආයතනය සිය ශාස්ත්‍රපති උපාධි පාඨමාලා ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලය තුළ ආරම්භ කර ඇත. මෙයට අමතරව ශ්‍රී ලාංකික සිසුන් සිය ගණනකට සෑම වසරකම විවිධ විෂය ධාරාවන් හි පළමු උපාධි පාඨමාලාවන් හි සිට ආචාර්ය උපාධි පාඨමාලාවන් දක්වා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමේ. තව ද ඉන්දියාව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරන ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ද මූල්‍ය සහයෝගය ලබා දේ.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved