පුවත්

සබරගමුව සරසවියේ 21ක් අත්අඩංගුවට

Published

on

අද (09) කොළඹදී පැවැත්වුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු විරෝධතා පාගමන අතරතුරදී සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ගමන් කිරීමට සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය මරදාන ප්‍රදේශයේදී ජල ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.

කෙසේවෙතත් ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරත විය.

Trending

Exit mobile version