Connect with us

පුවත්

සබ්මැරීනයේ සිටි පස්දෙනාම මියගිහින්

Published

on

ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ.

ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බව එම දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්‍රකාශ කර තිබේ.

අදාළ යාත්‍රාව පිපිරීමකට ලක්වී ඇති බවට ඔහු සඳහන් කර ඇත.

ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි.

පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව එම ගමන සංවිධානය කළ ඕෂන් ගේට් සමාගම සදහන් කර තිබිණි.

අදාළ යාත්‍රාවේ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කර තිබුණි.

මීටර 3800ක ගැඹුරේ පිහිටි නෞකා සුන්බුන් වෙත කිමිදීම ද ඇතුළු දින අටක සංචාරයක් සඳහා වන ටිකට්පතෙහි මිල ඩොලර් 250 000ක් බවද පැවසේ.

මේ ගලවාගැනීමේ මෙහෙයුම සඳහා රජයේ ආයතන, එක්සත් ජනපද හා කැනඩා නාවික හමුදාවන් හා ගැඹුරු මුහුදේ වාණිජ කටයුතු සිදුකරන ආයතන සහාය ලබාදෙනබව බලධාරීහු මීට පෙර ප්‍රකාශකර තිබිණි.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් පිහිටා ඇත්තේ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සේන්ට් ජෝන්ස් නගරයට කිලෝමීටර 700ක් දකුණෙන්වුව ද, ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද්දේ එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් සිට ය.

බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරිකයෙකු හා ගවේශකයෙකු වන 58-හැවිරිදි හේමිෂ් හාඩින්ග් ද අතුරුදන්වූ සබ්මැරීනයේ සිටියවුන්ගෙන් අයෙකුබව ඔහුගේ පවුල විසින් ප්‍රකාශ කෙරිණ.

සමාගම ගැන තොරතුරු….

සමාගමේ වෙබ් අඩවියට අනුව එක් මෙහෙයුමක් මේ වන විට සිදුවෙමින් පවතින අතර, 2024 ජූනි මාසය සඳහා තවත් මෙහෙයුම් ද්විත්වයක් සැලසුම්කර තිබේ.

සාමාන්‍යයෙන් මෙම යාත්‍රාවක නියමුවෙක්, ගෙවීම් සිදුකර ගමනට සම්බන්ධවන අමුත්තෝ තිදෙනෙක් හා සමාගම විසින් “අන්තර්ගත පිළිබඳ ප්‍රවීණයෙක්” ලෙස හඳුන්වන්නෙක් ගමන් කරති.

ගමන ඇරඹෙන්නේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සේන්ට් ජෝන්ස් වෙතිනි. සාගර ගැඹුරට හා ආපිට මතුපිටට කිමිදීම ද ඇතුළුව, නෞකා සුන්බුන් වෙත සිදුකෙරෙන මුළු ගමන සඳහා පැය අටක් පමණ ගතවෙයි.

ඕෂන්ගේට් සතු සබ්මර්සිබල් යාත්‍රා තුනක් ගැන එහි වෙබ් අඩවියෙහි සඳහන් ය. නමුත් ටයිටැනික් සුන්බුන් තැන්පත්ව පවතින ගැඹුර වෙත කිමිදීමට සමත් එකම යාත්‍රාව ‘ටයිටන්’ ය.

වෙබ් අඩවියට අනුව, බර කිලෝග්‍රෑම් 10 432ක් වන මෙම යාත්‍රාවට මීටර 4000කට ආසන්න ගැඹුරකට කිමිදිය හැකි අතර, පස්දෙනෙකුගෙන් යුත් මඟීන් පිරිසක් සඳහා පැය 96කට ප්‍රමාණවත් ජීවිතාධාරක තිබේ.

පුවත්

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළේය.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved