Connect with us

පුවත්

සබ්රි මීට පෙර 6 වතාවක්  ප්‍රභූ පර්යන්තයෙන් හොරබඩු ඇදලා

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. රහීම් අලි සබ්රි මීට පෙර අවස්ථා හයකදී පමණ කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධි ආකාරයෙන් රත්තරන් ඇතුළු භාණ්ඩ රටට ගෙනැවිත් තිබෙන බවට රේගුවට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රිවරයා රුපියල් කෝටි හතකට අධික රත්තරන් සහ ජංගම දුරකථන මෙරටට ගෙනැවිත් ඇත්තේ කිසියම් අයකුගේ හෝ කණ්ඩායමකගේ කොන්ත්‍රාත්තුවකට බවටද රේගු නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ.

මෙලෙස රත්තරන් බඩු සහ ජංගම දුරකථන රැගෙන ආ පසුව මන්ත්‍රිවරයාට කොන්ත්‍රාත්කරුවන්ගෙන් විශාල මුදලක් ලැබෙන බවද රේගුවට තොරතුරු ලැබී ඇත.

මන්ත්‍රිවරයාට රේගුව විසින් රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් නියම කර මන්ත්‍රිවරයා රැගෙන ආ රත්තරන් සහ ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට කටයුතු කරන ලදි.

ගුවන් මගින් මෙලෙස රට තුළට රත්තරන් ඇතුළු භාණ්ඩ රැගෙන එන පුද්ගලයන්ට රේගුව විසින් දඩ මුදල් නියම කිරීමෙන් පසුව, සාමාන්‍යයෙන් එම පුද්ගලයන් දඩය නියම කරන ලද අවස්ථාවේදීම දඩ මුදල් නොගෙවූවද, මන්ත්‍රිවරයා එම දඩය පෙරේදා (24) රාත්‍රී කාලයේම ගෙවා පිටව ගිය බව රේගු නිලධාරීහු පවසති.

දඩ මුදල් ගෙවීමට අපොහොසත් වන්නේ නම් රේගුව විසින් අදාළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනු ලබන්නේය.

මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව රේගු නිලධාරීන් ඒ සම්බන්ධව කථානායකවරයා දැනුවත් කර ඇත.

මේ , මන්ත්‍රිවරයා සහ රත්තරන් ඇතුළු භාණ්ඩ නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් රේගුවට යම් යම් බලපෑම් එල්ල වූ බවද රේගු ආරංචි මාර්ග කියයි.

මන්ත්‍රිවරයා රැගෙන ආ රත්තරන් ඇතුළු භාණ්ඩ සම්බන්ධව සහ ඔහු ක්ෂණිකව දඩ මුදල ගෙවීමට කටයුතු කිරීම සම්බන්ධව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් රේගුවෙන් තොරතුරු ලබාගෙන විමර්ශන කටයුතු සිදුකරන බවද පැවසේ.

මේ අතර, මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ අදාළ රත්‍රන් තොගය ගෙන ආවේ තමා නොවන නමුත්, තමන් නොකළ වරදකට ලක්ෂ 75ක දඩ ගෙවීමට සිදුවූ බවත්ය.

සබැදි පුවත්

රත්තරන් ගෙනාවෙ මං නෙමෙයි – අලි සබ්රි රහීම් (වීඩියෝ)

රත්‍රං හා ස්මාර්ට් ෆෝන් හොරෙන් ගෙනා මන්ත්‍රී සබ්රි නිදහස්!

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved