Connect with us

පුවත්

සමහර තීන්දු තීරණ ක්‍රියාවට නගන්න ප්‍රබල දේශපාලන බලයක් ඕන

Published

on

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අලුත් වැඩපිළිවෙල සහ මතවාදය යථාර්ථයක් බවට පත්කර ගත හැක්කේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යාන්ත්‍රණයක් ලැබුණොත් පමණක් බව පැවසු ජනාධිපතිවරයා මේ වන විට පවතින දේශපාලන බලය ඉතා කුඩා තැනක පවතින බවත් සඳහන් කලේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (13) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පැවති ජාතික ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂකයින්ගේ හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

පසුගිය ජනාධිපතිවරණයේ දී අපි විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. ලංකාවේ මතවාදීමය සංස්කෘතික තලයේ තීව‍්‍ර තරගයක් තිබුණු ජනාධිපතිවරණයක්. පැරැණි අසාර්ථක ආර්ථික, දේශපාලනික ගමන ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පෙනී සිටි කඳවුර ඉදිරියට ගෙනයාම සහ ඊට එරෙහිව නව ආර්ථික හා දේශපාලන, සංස්කෘතික ගමනක් මෙන් ම පාලනය සහ ජනතාව අතර සබඳතාවක් පවතින අප නියෝජනය කළ කඳවුර අතර එම තීව‍්‍ර තරඟය තිබුණා.මෙයට පෙර පැවැතියේ, පැරැණි දේශපාලන කඳවුර ඇතුළේම වැඩි ඡන්ද ලබා ගන්නේ කවුරුන්ද කියන තරඟයයි. නමුත්, මෙවර සටන තිබුණේ, පැරැණි ගමන් මාර්යේ ම යනවාද? නැතිනම්, අලුත් දේශපාලන පරිවර්තනයකට ලක් කරන දිශාවකට යනවාද? කියන තරඟයයි. ජනතාව දැඩි තීරණයක් අරගෙන ජාතික ජන බලවේගයේ අප ජයග‍්‍රහණය කරවූවා. ජනතාවගේ පැත්තෙන් බැලූවොත්, එය ඔවුන් තැබූ අවදානම් සහගත පියවරක්. ඒ වාගේම අධිෂ්ඨානශීලී පියවරක්.ඒ වාගේම ධෛර්ය සම්පන්න පියවරක්. ඒ තීරණය ගැනීමට අධිෂ්ඨානය සහ විශ්වාසය තිබුණු ජනතාවට අපි අපේ ස්තුතිය සහ ගෞරවය පිරිනමනවා.

ඒ මැතිවරණයේදී අනෙක් කඳවුර සතුව මුදල්, මාධ්‍ය, රාජ්‍ය බලය කොතරම්ද කියලා පැහැදිලි වුණා. තැපැල් ඡන්දයට පෙර දිනයේ දී වැටුප් වැඩි කිරීම පිළිබඳ යෝජනා පවා ඉදිරිපත් කිරීමට ඔවුන් බලවත්ව සිටි අවස්ථාවක රටේ ජනතාව අප විශ්වාස කර ඡන්දය ලබා දුන්නා. අපි අලුත් මතවාදයක් සහ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළත් එම මතවාදය සහ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත් කළ හැක්කේඊට අවශ්‍ය ශක්තිමත්ම දේශපාලන නායකත්වයක් තිබුණොත් පමණයි. එය ස්භාවිකව ගලාගෙන යන ගමනක් නොවෙයි. පවතින තත්ත්වය වෙනස් කිරීමට නම්, ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යාන්ත‍්‍රණයක් අප සතු විය යුතුයි. දැන් අපේ දේශපාලන බලය පවතින්නේ ඉතා කුඩා තැනක. ජනාධිපතිවරයා ඇතුළු තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් තිබෙන්නේ. මේ ධෛර්යවන්ත හැරවීම යථාර්ථයක් කිරීම සඳහා එය කිසිසේත්ම ප‍්‍රමාණවත් වන්නේ නැහැ. නව ශක්තිමත් දේශපාලන බලවේගයක් හදා ගන්නා තෙක් සංක‍්‍රාන්ති කාලයක් ගතකිරීමට කැබිනට් මණ්ඩලයේ අප තිදෙනාට පැවරී තිබෙන්නේ. මේ සංක‍්‍රාන්ති අවධියේ දී අපට කළ හැකි දේත්, අවධානය යොමු කළ යුතු දේත්, අපේ කාර්යක්‍ෂමතාවත් සහ අප ඉවසීමෙන් කටයුතු කළ යුතු අවස්ථාත් තිබෙනවා. සමහර තීන්දු තීරණ ගෙන ක්‍රියාවට නැගීම සඳහා ප‍්‍රබල දේශපාලන බලයක් තිබිය යුතුයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved