Connect with us

පුවත්

සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකර අභාවප්‍රාප්ත වේ

Published

on

අමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වූ ගණනාත් ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 95 වැනි වියේ පසුවිය.

මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා 1955 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කර ඇති අතර පසුව 1958 වසරේදී වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධියත් 1964 වසරේදී මානව විද්‍යාව සම්බන්ධව සිය ආචාර්ය උපාදියත් හිමි කරගනු ලැබීය.

තවද 1968 වසරේ සිට 1972 දක්වා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු මෙන්ම ප්‍රධානියාද වූ ඒ මහතා 1972 වසරේ සිට 1980 දක්වා සැන් ඩියාගේ හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකුද විය.

1983 වසරේ සිට 1988 දක්වා ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගණනාත් ඔබේසේකර මහතා 1988 වසරේ සිට 2000 වසර දක්වා ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සිය දැනුම සිසු පරපුර වෙත ලබා දෙමින් ද සිටියේය.

ගණනාත් ඔබේසේකර මහතා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ක්ෂේත්‍ර කටයුතුවල නියැලී සිටි අතර ඔහු වඩාත් උනන්දු වූයේ මනෝ විශ්ලේෂණය සහ මානව විද්‍යාව මෙන්ම ආගමික අත්දැකීම් සමග පුද්ගලික සංකේතවාදය සම්බන්ධ වන ආකාරයන් පිළිබඳවය.

ඔහු ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයයන් කෙරෙහි බලපෑම් සහගත අධ්‍යන සිදුකළ මානව විද්‍යාඥයෙකු ලෙසද හැඳින්වෙන අතර දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදුදහම සහ පත් ඇදහිල්ල ඔහු විසින් කරන ලද අවධානය දිනාගන්නා ලද ශාස්ත්‍රීය අධ්‍යයනයන් වේ.

සිය ජීවිත කාලය තුළ ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර ඇති මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා තමන් පරිශීලනය කළ පොත් පත් රැසක් අඩංගුව තිබූ සිය පුස්තකාලයද පේරාදේණිය විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කිරීමටද පියවර ගෙන තිබුණි.

එමෙන්ම ඔහු විසින් රචනා කරන ලද කෘතීන් අතරට වැදගත් කෘතියක් වූ ලෑන්ඩ් ටෙනුවර් ඉන් විලේජ් සිලෝන් කෘතිය සඳහන් කළ හැකි අතර එය සමාජ විද්‍යාත්මක හා ඓතිහාසික අධ්‍යයනයක් ද විය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved