Connect with us

පුවත්

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව(UPDATE)

Published

on

Al Jazeera රූපවාහිනී සංවාදයේදී Frances Harrison හිටපු BBC මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව, අන්තර්ජාලයට මුදා හරිමින් ඇය X සටහනක් තබා තිබේ.

අදාළ සංවාදයේදී Al Jazeera මාධ්‍යවේදියා විසින් මෙම වාර්තාව උපුටා දක්වමින් ප්‍රශ්න කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවැනි වාර්තාවක් නොපවතින බවට දැඩිව ප්‍රකාශ කලේය.

එවිට Frances Harrison විසින් අදාළ වාර්තාවේ ඇය සතුව තිබූ පිටපතක් ඉදිපත් කිරීමට කටයුතු කර ඇත.

එසේ ඉදිරිපත් කළ වාර්තාව අන්තර්ජාලයට මුදා හරිමින් ඇය පවසා ඇත්තේ බටලන්ද වධකාගාරය ගැන ජනාධිපති කොමිශන් සභා වාර්තාවක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරමින් සිටින බවය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලද බටලන්ද වාර්තාව පහතින්,

(පෙර පුවත 2025 මාර්තු 07 පෙ.ව.7.36)


සම්මුඛ සාකච්ඡාවකදී බටලන්දේ වධකාගාරය ගැන රනිල් ඇවිලෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අවස්ථාවේදීය. 

ප්‍රශ්නය – පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා. ඔබ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ආවා. ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී. නමුත් ඔබ පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත්වුණා. ඒ තරම් හොඳ වාර්තාවක් තැබූ ඔබ ශ්‍රී ලාංකික ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?

පිළිතුර – මම පරාජය වුණේ මොකද කියලා පැහැදිලි කරන්න මට මෙතනට ආවේ නැහැ. නමුත් මම සතුටු වෙනවා මට පැවරුණු කාර්යය ඉටුකිරීමට හැකිවීම ගැන. 

ප්‍රශ්නය – 2022 වසරේ ඔබ බලයට පැමිණ පැය කිහිපයකින් ඔබ ආරක්ෂක හමුදා අමතලා නීතිය හා සාමය ඇතිකරන්න ඕනෑම දෙයක් කරන්න කියලා ඔවුන්ට උපදෙස් දුන්නා නේද? ඊළඟට ඔවුන් ප්‍රචණ්ඩකාරී අන්දමින් විරෝධතාකරුවන් මර්දනය කළා නේද?

පිළිතුර – කවුරුවත් තරුණ පෙළේ අදහස් නොසලකා හැරියේ නැහැ. පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස මා පත් කළ විට මම නීතිය හා සාමය ස්ථාපිත කළ යුතු වනවා. පාර්ලිමේන්තුව කැරලිකරුවන් විසින් අත්පත් කරගත්තොත් කවර තත්ත්වයක්ද උදාවෙන්නේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ද ?

ප්‍රශ්නය – ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ප්‍රකාශ කරන විදියට පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ඔබේ කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් කැනිස්ටර් 944ක් පාවිච්චි කර තියෙනවා ?

පිළිතුර – ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අපේ රටවල් අපකීර්තියට පත්කරනවා. මොකද ඔවුන් වෙනස් ආකාරයක අදහස් දරන අය.

ප්‍රශ්නය – යුරෝපා සංගමය කියනවා සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය විදියට බලය යෙදවීමක් සිදුවී ඇති බව.

පිළිතුර – යුරෝපා සංගමය ඇතැම් රාජ්‍යයන් නොවන සංවිධානවලට මූල්‍යාධාර සපයා තිබෙනවා. ඔවුන් මට ඉල්ලා අස්වන ලෙසත් බල කළා. ඔවුන්ම තමයි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගත් බවට මට ප්‍රශංසා පළ කරන්නේ.

ප්‍රශ්නය – ඔබ යුරෝපා සංගමයට කැමති නැහැ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් කැමති නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් විරුද්ධයි. 

පිළිතුර – නැහැ. මම යුරෝපා සංගමයට කැමතියි. ඔබට මට ආයතන ගැන කියන්න තියෙන හැමදෙයක්ම කියන්න. ඊළඟට මම උත්තර දෙන්නම්. මම දේශපාලනයේ ඉන්නේ ඔබ ඉපදෙන්නත් කලින් ඉඳලා.

ප්‍රශ්නය – කතෝලික පල්ලියේ ප්‍රධානියා වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියනවා ඔබ පාස්කු ප්‍රහාරයේ සැබෑ විමර්ශනයක් කරන්න උත්සාහ නොගත් බව. ඔබ ඒ සඳහා පත්කළ කොමිසම ඵලක් නැති වාර්තාවක් නිකුත් කළ බවයි ඔහු කිව්වේ.

පිළිතුර – මම දන්නවා කතෝලික පල්ලියේ දේශපාලනයක් පවතින බව.

මෙහිදී, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් නීති විරෝධී ලෙස රඳවා ගනිමින් මරා දැමූ බටලන්දේ සිදුවූ වධහිංසා සහ ඝාතන ගැන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කෙරුණා. බටලන්ද කොමිසන් වාර්තාව උපුටා දක්වමින් අල්ජසීරා මාධ්‍යවේදී මෙහිදී හසන් ප්‍රශ්නකර සිටියේ බටලන්ද වධකාගාරයේ සැලැසුම්කරු රනිල් වික්‍රමසිංහ මහතා බවයි. හිටපු ජනාධිපතිවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේපකරමින් පෙන්වා දුන්නේ මාධ්‍යවේදියා උපුටා දක්වන බටලන්ද කොමිසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූවක් බවයි.

(වීඩියෝ – නිවුස් ෆස්ට්)

මේ අතර අල්ජසීරා නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අද (06) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දක්වා තිබුණි.

“අල්ජසීරා නාලිකාවේ සාකච්ඡාව අපේ වගේ නෙමෙයි. අපේ සජීවීව අරගෙන සියල්ලම දානවා. හොඳයි නරකයි දෙකම. අල්ජසීරා පැය 2ක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ. සමහර හොඳ ඒවා තිබුණා. දාලා නැහැ. ඔක්කොම දැම්මා නම් තත්ත්වය මීට වඩා වෙනස්.”

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved