Connect with us

පුවත්

සමාජ මාධ්‍ය පිස්සෝ වීරයෝ කළා – මනූෂ 

Published

on

නිදහස සමරන එක වැරදියි කියන්නෙ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියයි. 

මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ අනුරාධපුර යොවුන් නිකේතනයේ පැවති මගෙන් පටන් ගමු ජාතික වැඩපිළිවෙල ආරම්භ කරමින් එහි තරුණ සමුළුවට එක් වෙමිනි.

රෙද්දෙ අස්සේ මහත්වරු 88/89 කාලයේ දී මිනිස්සු මරපු එක ඉල් මහ කියලා සමරන්න හොඳයි, ඒත් නිදහස සමරන එජපය වැරදියි කියනවා යැයි ද ඔහු කීය.

කාශ්‍යප වගේ රජෙක්, රටට ඩොලර් ගේන රජෙක් අපට අද සිටින බව සිහිපත් කළ අමාත්‍යවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාශ්‍යප රජු මෙන් රට තාක්ෂණයෙන් දියුණු කළ හැකි නායකයෙක් බව පෙන්වා දුන්නේය. 

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේ ද කීවේය. 

“අපි ලස්සනට ඇන්දොත් තමයි අපි ගැන ප්‍රසන්න බවක් එන්නේ. පොතක පිටකවරය බලන්න එපා කිව්වාට ඇත්තමට පිටකවරයත් ලස්සනට තියෙන්න ඕනේ. හිතන්න මම මෙතනට පිළිවෙලක් නැතිව ආවා නම් ඔබ මං දිහා බලනවාද? ඒ කියන්නේ අපිට බාහිර පෙනුම වගේම ඇතුලත් ප්‍රසන්න වීම ඉතාම වැදගත්. අපි වෙනස් වෙනකොට අපේ බාහිර පෙනුමේ ඉදන්ම වෙනස් කරන්න ඕනෙ. ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඔබට පමණයි. ආණ්ඩුවට ඒක කරන්න බැහැ. ඇත්තමට මගෙන් තමයි පටන් ගන්න ඕනේ. වෙනස් වෙන්න නම් අනිත් හැමෝටම කලින් තමන් වෙනස් වෙන්න ඕනේ ඒ කියන්නේ මගෙන් තමයි පටන් ගන්න ඕනේ.”

අපි බැලුවේ දොස්තර හොඳ හිත

“අපි බැලුවේ දොස්තර හොඳ හිත වගේ කාටුන්. ඒකේ හිටියා හැමදේමට නෑ බෑ කියලා කියන චව් චව් කියලා කෙනෙක්. අදත් ඒ වගේම වේදිකා වල හැමදේටම නෑ බෑ කියන චව්චව්ලා ඉන්නවා. මතකද සූර පප්පා කාටුන් එක. හැමදාම ගෝල දේශයේ අය රෝමයට හැහුවා. නමුත් රෝමය හැමදාම නැගී සිටියා. මේ කාටුන් එකේ වගේම සැබෑවටත් රෝමයට ඉතිහාසයේ ඉදන්නම ප්‍රහාර වලට ලක්වුනා. ඒත් රෝමයට සුවිශේෂී ඉතිහාසයක් තියෙනවා. අපිට රෝමය කිව්වාම ගොඩක් දේවල් මතකයට නැගෙනවා. රෝමයට මොන ප්‍රහාර එල්ල වුනත් ශක්තිමත්ව ගොඩ නැගුනා. ඒ වගේම අද තානාපති කාර්යාල වලට ඩොලර් යොදා ගෙන අපිට ගහනවා ඒත් අපි රෝමය වගේ ඉතා ශක්තිමත්ව නොසැලී ගොඩ නැගෙනවා. අපේ කාලයේදී ජීවිතය ජයගත්ත ඔෂින් තමයි වීරයෝ කියලා දැක්කේ.”

සමාජ මාධ්‍ය පිස්සෝ වීරයෝ කළා

” පසුව වෙනස් වීරයෝ පිරිසක් ආවා. සල්ලිකාරයන්ගෙන් සල්ලි අරගෙන දුප්පත් අයට දුන්න රොබින් හුඩ් වගේ චරිත පසු කාලීනව වීරයෝ වුනා. එහිදී නිකම් හිටියට කමක් නෑ තියෙන තැනින් ගෙනත් දෙන්නම් කියලා මානසිකත්වයක් තමයි නිර්මාණය වුනේ. මේත් එක්කම නිකම් දෙන්නම් කියන විරයෝ බිහි වුනා. මේ අය ඇට දෙන්නම්, පාන් තුනයි පනහට දෙන්නම් කිව්වා. මේවායින් මිනිස්සු පුලන්නෝ බවට පත් කළා. අද පිරිසක් පිට රට ඉදන් ෆේස්බුක් එකෙන් වීරයෝ වෙනවා. ඒ අය වෙනත් අයගෙන් සල්ලි අරගෙන බෙදලා දෙනවා නැත්තම්. ඒ වගේම තර්ජනය කරලා මත හදන්න කටයුතු කරනවා. තමන්ට අවශ්‍ය දෙවල් කරගන්න බැරි වෙනකෙට ව්‍යාධි තත්ත්වයක් ඇතිවෙනවා. ෆේස්බුක් අවාම මේ ව්‍යාධි තත්ත්වයන් තියෙන සියලුදෙනාම ෆේස් බුක් එකට ආවා. ඉතින් දැන් අපිට පේන්නේ මුළු රටේම ඉන්නේ පිස්සෝ කියලයි. අද වෙනකොට සමාජ මාධ්‍ය මගින් පිස්සො ටිකක් වීරයෝ කරලා තියෙනවා.”

මගෙන් පටන්ගමු වැඩසටහන ආරම්භ කිරීමට පෙර අමාත්‍යවරයා ඩී.එස්. සේනානායක පිළිරුවට මල් මාළාවක් පළදවනු ලැබීය. 

පුවත්

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට (UPDATE)

Published

on

By

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Published

on

By

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවය.

යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved