Connect with us

පුවත්

සරත් ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවයි

Published

on

කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ “දුර්ගා” නමැති මරාගෙන මැරෙන බෝම්බකාරියට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලබා සිටින LTTE සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව අද (28) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී ය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවුණි.

පසුව නඩුව වැඩිදුර විභාගය හෙට (29) දිනය තෙක් කල් තැබුණි.

සෙල්වරාසා කිරුභාකරන් හෙවත් මොරිස්, ශන්මුගලිංගම් සූරිය කුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

2006 වසරේ කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඔහුට බරපතළ තුවාල සිදුකිරීම සහ ඔහුගේ ආරක්ෂකයින් තුන් දෙනෙකු මරා දැමීමට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිපරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

පුවත්

ඉන්දීය මහ කොමසාරිස් හා ආරක්ෂක ලේකම් අතර හමුවක්!

Published

on

By

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හා  ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් ඊයේ (07) (පෙබ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිදුව තිබේ.

මේ හමුවට ඉන්දීය මහ කොමසාරිස්වරයාට අමතරව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කැප්ටන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි යන මහත්වරුන් ද සහභාගිවී ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ඉන්දීය දූත පිරිස ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත වී තිබේ.

පෞරාණික ඉතිහාසයකට උරුමකම් ඇති ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් අවධාරණය කරමින්, දෙරට අතර පවතින දීර්ඝ කාලීන ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවයේ නියෝජිතයින් පැවති සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ බව ආරක්ෂක ලේකම් කාර්යාලය නිවේදනය කරයි. 

එමෙන්ම කලාපීය ආරක්‍ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව ඔස්සේ ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත හැකි පියවර පිළිබඳව ද මෙහිදී ඔවුන් අදහස් හුවමාරු කරගත් බවද පැවසේ.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී විශේෂයෙන්ම ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාකාරකම්, සමුද්‍රීය ආරක්‍ෂක අභියෝග මෙන්ම හදිසි ආපදා තත්ත්වයන්හිදී අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා ඉන්දියාවේ නොසැලෙන සහයෝගය ලබා දෙන බවට ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී අවධාරණය කර තිබේ.

ඉන්දියාව විසින් මේ දක්වා ලබාදුන් අඛණ්ඩ සහය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළ අතර, කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වයේ වැදගත් කාර්යභාරය ද තහවුරු කර ඇත.

Continue Reading

පුවත්

STF අණදෙන නිලධාරී ඇතුළු පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු

Published

on

By

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව පෙබරවාරි 12 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

මෙහිදී, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇති අතර, නියෝජ්‍ය පොලිස්පති ඩීජීඑස් ද සිල්වා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී තනතුරට පත් කර ඇත.

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුටද මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවට ද තීරණය කර තිබේ.

මෙම ස්ථාන මාරුවීම් පිළිබඳ දන්වමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Published

on

By

අද (08)  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තුමේන්තුව දැනුම්දෙන්නේ, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

මේ අතර, අද දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved