Connect with us

පුවත්

සරසවි ඇදුරන් අද වැඩ වර්ජනයේ

Published

on

අද (02) දින දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාලවල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබාදෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය සිදුකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

මේ අතර, අද සිට දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් පැය 24ක සංකේත වැඩ පෙළක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඊයේ පවසා තිබුණි.

සබැඳි පුවත් :

GMOA පළාත් මට්ටමෙන් දිගටම වර්ජනයේ

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ පළමු රැස්වීම් දිනය ලෙස අද (20) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්

පෙ.ව. 11.00 -11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා නිෂ්පාදන බදු (විශේෂ විධිධාන) පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය.

ප.ව 5.00 සිට ප.ව 5.30 කාලය විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට නියමිතය.

Continue Reading

පුවත්

අපරාධකරුවන් මර්දනයට STF කණ්ඩායම් 15ක්

Published

on

By

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම කණ්ඩායම් විසින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් පිළිබඳ විමර්ශනය කරන බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන් සිදුවීම් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

බීමතින්  පාසැල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටි රියැදුරෙක් අත්අඩංගුවට

Published

on

By

බීමතින් සිසුසැරිය බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) දහවල් කාලයේ දී කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ සිසුසැරිය බස්රථයක් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී අදාළ රියදුරා බීමතින් සිටින බවට අනාවරණය වී ඇති අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 52ක් වූ රදලියගොඩ, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ බස් රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී බස්රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.

අදාළ බස් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (20) නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට හා රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරන්තරයෙන් මෙහෙයුම් සිදුකරමින් සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved