Connect with us

පුවත්

සල්ලි එකතු කළ OIC ලා 94කගේ නම් CIDයට

Published

on

ඉහළ පොලිස් නිලධාරීන්ට තෑගි බෝග ලබාදීමට මුදල් එකතු නොකරන ලෙසට ලබා දී ඇති නියෝග නොතකා මුදල් රැස්කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු 94 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් පවත්වා එම ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණයකර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බොහෝ විට අද (17) දිනය තුළ එම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ලැයිස්තුවක් පොලිස්පතිවරයා විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිත බවද පැවසේ.

පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ දිස්ත්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ පොලිස්පතිවරයා සූම් තාක්ෂණයෙන් ඊයේ (16) පැවති රැස්වීමකදී ද මේ බව සඳහන් කර ඇත.

පොලිස් ස්ථානවල පැවැත්වෙන වාර්ෂිත සහ අර්ධ වාර්ෂික පරීකෂණවලට සහභාගිවීමට පැමිණෙන ඉහළ පොලිස් නිලධාරීන්ට කන්න බොන්න දීමටත් පොලිස් ස්ථාන ලස්සන කිරීමටත් මුදල් එකතු කිරීම්, අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉහළ පොලිස් නිලධාරීන් සතුටු කිරීමට මුදල් වෞචර් සහ තෑගි ලබාදීමට මුදල් රැස්කිරීම් සහ ස්ථානමාරු වී ඉහළ පොලිස් නිලධාරීන් වෙනත් ප්‍රදේශයකට යන විට ඒ අයට තෑගි දීමට මුදල් එකතු කිරීම් මෙම පොලිස් ස්ථානාධිපතිවරු 94දෙනා කර ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු මූලාශ්‍රවලින් හෙළිව තිබේ.

මෙම වාර්තාව පොලිස්පතිවරයා අතට පත්කර ඇත්තේ පොලීසියේ බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශය විසින් බව පැවසේ.

එම බුද්ධි වාර්තාවන්ට අනුව රුපියල් 3000සිට 10,000 දක්වා විවිධ ප්‍රමාණයන්වලින් පොලිස් ස්ථානාධිපතිවරු තමන් යටතේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් මුදල් එකතුකර ඉහළ නිලධාරීන්ට රුපියල් ලක්ෂ ගණන් වලින් තෑගි ලබා දී ඇති බවද එම බුද්ධි වාර්තාවල ඇති බව කියයි.

ඉතා සුළු වැටුපක් ලබන පොලීසියේ කොස්තාපල්වරු මේ නිසා දැඩි අසහනයකට පත්ව ඇති බවත් ඒ අය පොලිස්පතිවරයාට යොමු කර ඇති පෙත්සම් රැසක් සැළකිල්ලට ගෙන බුද්ධි අංශ යොදා මෙම තොරතුරු සොයා බැලීමක් පොලිස්පතිවරයා කර ඇති බවත් පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

එම බුද්ධි අංශ වාර්තාවලින් පෙනී ගොස් ඇත්තේ ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් මෙවර අලුත් අවුරුද්ද වෙනුවට තෑගි බෝග වෙනුවට මුදල් ලබාගෙන ඇති බවත්, ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරු සිය පොලීසිවල සේවයේ නිරත නිලධාරීන්ගෙන් රැස්කර රුපියල් ලක්ෂ දෙක තුන ලබාදී ඇති බවත්ය.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

කොළඹ මන්ත්‍රී ධූර 19ට අපේක්ෂකයෝ 966ක්

Published

on

By

මෙවර මහ මැතිවරණයට වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 18ක් සඳහා අපේක්ෂකයන් 966 දෙනකු ඉදිරිපත්ව ඇත. 

ඒ පිළිගත් දේශපාලන පක්ෂවලින් 567දෙනකු සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 399ක් වශයෙනි. 

කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 1,765,351ක් ලෙස දැක්වේ.

එසේම මන්ත්‍රී ධුර 19ක් වෙනුවෙන් අපේක්ෂකයන් 902ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව තිබේ. 

ඒ පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 528ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 374 ක් ලෙසිනි. 

ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව වන්නේ 1,881,129කි.

Continue Reading

පුවත්

මහනුවරට යවන්න තිබූ රට බීම හා සිගරට් තොගයක් අල්ලයි

Published

on

By

රුපියල් කෝටියකට ආසන්න වටිනා විදේශීය මත්පැන් සහ සිගරට් තොගයක් ප්‍රවාහනයට සූදානම් වූ පුද්ගලයෙකු පිටකොටුව 3 වන හරස් වීදිය කේශර් වීදිය ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි

සැකකරු භාරයේ තිබී විදේශිය මත්පැන් බෝතල් 210 ක් විදේශීය දුම්වැටි 50000 ක් මේ පොලිස් භාරයට ගෙන ඇත.

පුද්ගලයකු විවිධ ප්‍රදේශවලින් එකතු කරන ලද මත්පැන් සහ දුම් වැටි තොගයක් මහනුවර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා  සූදානම්ව සිටින බවට පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාට ලද තොරතුරකට අනුව ගැටලීම සිදුකළ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ දහය  පදිංචි 54 හැවිරිදි  පුද්ගලයෙකි

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

(සිළුමිණ)

Continue Reading

පුවත්

මහ වැසි නිසා වත්තේගම – අකුරණ යටවේ

Published

on

By

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ (ඒ-09) අකුරණ නගරය සහ උකුවෙල මහනුවර මාර්ගය වත්තේගමින් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇතිවී ඇති අතර, විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved