Connect with us

පුවත්

සහරාන් යළි කරලියේ, සම්බන්ධ අයෙක් තමිල්නාඩුවේදී අල්ලයි

Published

on

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පැවත් වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ (28) දිනයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

IS සංවිධානයේ සාමාජිකයෙකු වන අදාළ සැකකරු පසුගිය ඔක්තෝබර් 23 වන දින ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මෝටර් රථයක් පුපුරුවාහැරීමේ සිද්ධියට සෘජු සබඳතාවක් පවතින බව අනාවරණය වී තිබේ.

අදාළ ප්‍රහාරය මෙරට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සමග සබඳතා පැවැත් වූ IS ත්‍රස්ස සමාජිකයෙකු විසින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබුණි.

ඒ අනුව විමර්ශනය කළ ජාතික විමර්ශන ඒජන්සිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් “සනෝෆර් අලී” නමැති පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මොවුන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සෘජු සබඳතා පවත්වා ඇති බවට මූලික විර්ශනවලින් අනාවරණය වී තිබේ.

පුවත්

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

Published

on

By

පාර්ලිමේන්තු මාර්ගයේ සිට ගමනකින් පැමිණි පිරිසක් නෙළුම් මාවතට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමගයි මෙම  උණුසුම් තත්ත්වය ඇතිව තිබේ.

“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන් සංවිධාන කිහිපයක් එක්ව පාර්ලිමේන්තුව අසළ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පාගමනක් පැවැත්විණි.

නෙළුම්මාවතට ඇතුළුවන මාර්ගය අසළදී පොලිසිය ඔවුන්ට බාධා කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගැනීම සිදුවිය.

පොදුජන පෙරමුණු කාර්යාලයේ කිහිප දෙනෙකු සහ ඩෑන් ප්‍රියසාද් ද එම ස්ථානයට පැමිණීමත් සමග විරෝධතාකරුවන් ඔවුන්ට ද විරෝධය පළකර තිබේ.

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (2024-05-27) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත.

එම තීරණ මෙසේය.

Continue Reading

පුවත්

ආර්ථික පරිවර්තන පනතේ සහයට තවත් පනත් දෙකක්

Published

on

By

2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ  2018 අංක 3 දරණ ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සකස් කිරීමේදී අදාල පනත් දෙක සඳහා අනුෂාංගික සංශෝධන හඳුන්වාදීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ සඳහා වන පනත් කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර එකී පනත් කෙටුම්පත් සඳහා නීතිපති අවසරය ලබාදී තිබේ.

ඒ අනුව අදාල සංශෝධිත පනත් කෙටුම්පත් දෙක රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සබැඳි පුවත් :

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved