Connect with us

පුවත්

සහල් මාෆියාව නැතිකරන හැටි ජනපති කියයි

Published

on

සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ මෙරට සහල් සංචිත සම්බන්ධයෙන් ඇති වාර්තා පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් පවතින බවය.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේය.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහල් මාෆියාව බිඳදැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කරමින් සිටින බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“අපි ඇවිත් කෙටි දවසකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට ලැබුණු වාර්තාව රට තුළ සහල් ප්‍රමාණවත් කියලා. නමුත් පාරිභෝගික අධිකාරිය විසින් කළ සමීක්ෂණ අනුව හෙළිවුණා සහල් හිඟයක් තියෙනවා කියලා. ඒ නිසා අපි සහල් ආනයනය කරන්න තීරණය කළා.මේක දෙන්නෙක් තුන්දෙනෙක්ගේ ඒකාධිකාරියකට අයිති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැනට ඒගොල්ලන්ට ඒ හයිය තියෙනවා. අපිට පාලනය කරගැනීම සඳහා මෙවලමක් නැති නිසා. අපි දැඩි ස්ථාවරයක ඉන්නවා. අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. නමුත් යම් කාලයක් යයි.”

පුවත්

පුංචි ආණ්ඩු හදන්න ආණ්ඩුව, මුස්ලිම් කොංග්‍රසය හා දමිළ ප්‍රගතිශීලී සන්ධානය අතර රහස් කතා

Published

on

By

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු කණ්ඩායමක් බහුතර බලය නොලැබූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල ප්‍රධාන පක්ෂවල සභිකයන්, ස්වාධීන කණ්ඩායම් සහ වාමාංශික මතධාරී වෙනස් දේශපාලන පක්ෂ සංවිධානවල සහාය ලබාගෙන විපක්ෂයේ කණ්ඩායම්වලට වැඩි බහුතර බලයක් ඇති සභාවල බලය පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරමින් ඇත. 

විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා නොකළත් තේරී පත්වූ සභිකයන් සමඟ ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ඒ එම සභිකයන්ගේ සහාය ස්වාධීනව ලබා ගැනීම සඳහාය. ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කීරීමටත් එසේම ජවිපෙ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මුස්ලිම් කොංග්‍රසය සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමඟ තිරය පිටුපස රහසිගත සාකච්ඡා ඇතිවෙමින් පවතින බව සඳහන් වේ.

(දේශය)

Continue Reading

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved