Connect with us

පුවත්

ස්වාධීන අපේක්ෂකයකුට එක් ඡන්ද දායකයකුට වැය කළ හැක්කේ රුපියල් 10යි!

Published

on

මෙවර මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 10කටත් අඩුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ඡන්ද විමසීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක ආදායම් වියදම් විස්තර ලබාදීමට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට සිදුවන නිසාය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද කොට්ඨාශ අනුව එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැයකළ හැකි මුදල තීරණය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මීට පෙර පවසා තිබිණි.

ඊට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාවේදී පෙරේදා (15) අදහස් ලබාගත් අතර, ස්වාධීන කණ්ඩායම් නායකයන්ගෙන් ඒ ඒ මැතිවරණ කොට්ඨාශවලදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් අදහස් ලබාගෙන තිබේ.

ඒ අනුව, අදාළ පක්ෂ ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් ඡන්දදායකයකු වෙනුවෙන් වැයකළ හැකි මුදල කොළයක සඳහන් කර මැතිවරණ කොමිෂන් සභාවට සහ තේරීම් භාර නිලධාරීන්ට බාරදෙන ලදී.

ස්වාධීන කණ්ඩායම් රැසක නායකයන් රැසක් සඳහන් කර ඇත්තේ එක් අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 10ක් හෝ 20ක් වැය කළ හැකි බව යැයිද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීහු පවසා තිබේ.

ඒ අනුව, මෙම සියලු අදහස් සලකා බැලීමෙන් අනතුරුව ඒ ඒ මැතිවරණ කොට්ඨාශ අනුව අපේක්ෂකයන් විසින් ඡන්දදායකයන් වෙනුවෙන් වැයකළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන බවද සභාපතිවරයා පැවසීය.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved