Connect with us

පුවත්

ස්වාධීන රූපවාහිනි සභාපති ධූරය ප්‍රියන්ත කුමාර වෙදමුල්ල ට

Published

on

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා පත්කර තිබේ.

ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා ගෙන සිටින අතර කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත.

ඒ ආර්ථික විද්‍යාව හා කළමණාකරණය විෂය ක්ෂේත්‍රයෙනි.

අනතුරුව ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ ව පශ්චාත් උපාධි ඩිප්ලෝමා තුනක් හිමිකර ගත් ඔහු මේ වන විට පේරාදණීය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබඳව ආචාර්ය උපාධි අපේක්ෂකයෙකි.

එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ හා පුද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය, ඩිජිටල් අලෙවිකරණය සන්නිවේදනය , අන්තර්ජාතික අලෙවි කළමනාකරණය හා උපක්‍රමික කළමනාකරණය යන විෂයන් වල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි.

මීට අමතරව ඔහු අලෙවිකරණය, උපායමාර්ගික කළමනාකරණය සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදු කළ වියතෙකි.

1996 වසරේ විශ්ව විද්‍යාල සමයේදී සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ඔහු එවකට පළ වූ සිතිජය, රාවය, ලක්ජන වැනි පුවත්පත් හා සඟරාවල විශේෂාංග ලේඛකයෙකු සහා ජනමාධ්‍යවේදියෙකු ලෙස සම්බන්ධ කටයුතු කර තිබේ.

2002 වසරේදී එකල ප්‍රකට වු දෙසතිය සඟරාවේ සහ ලංකා පුවත්පතේ විශේශාංග කතෘ ලෙස සම්බන්ධ වන ප්‍රියන්ත කුමාර මහතා එහිම විශේෂාංග ලේඛකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

පසුව 2004 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සම්බන්ධ වන ප්‍රියන්ත කුමාර මහතා 2007 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීම් ලබයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රචලිත වැඩසටහන් වන අකුණ , විසංවාදය, ඇත්ත නැත්ත, ජූරිය ඔබයි වැනි කාලීන වැඩසටහන් රැසක නිෂ්පාදනය කරනු ලබන්නේද ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතාය .

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved