Connect with us

පුවත්

ස්වෛරී බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුගතකරණයට ප්‍රතිපත්තිමය එකඟතාවකට

Published

on

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් අමෙරිකානු ඩොලර් බිලියන 12‍.5 ක ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණි බව ලන්ඩන් කොටස් වෙළෙඳපොළ  අද (19) පස්වරුවේ නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී ස්වෛරී  බැඳුම්කර මගින් ලබාගත් ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටවූ අතර අනතුරුව එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ඡා ආරම්භ කළේ ය.

ක්ලිෆර්ඩ් චාන්ස් සහ ලසාර්ඩ් යන උපදේශන සමාගම් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාකච්ඡාවලට මැදිහත්වූ අතර බැඳුම්කර හිමියන් වෙනුවෙන් ඊට මැදිහත්වූයේ වයිට් ඇන්ඩ් කේස් සහ රොස්චයිල්ඩ් යන සමාගම් වේ.

ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡා වටයක් ඊයේ (18) පැවති අතර ප්‍රතිපත්තිමය එකඟතාවට එළැඹ ඇත්තේ එම සාකච්ඡා වටයෙන් පසුවයි.

මෙම ප්‍රතිපත්තිමය එකඟතාවට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයද අද උදෑසන අනුමැතිය ලබාදී ඇතැයි, ලන්ඩන් කොටස් වෙළෙඳපොළ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාව පිළිබඳව ද්වීපාර්ශ්වික ණය හිමිකරුවන් ඇතුළත් නිල ණය හිමි කමිටුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කළ යුතුයි.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩ සටහනේ මූලික රාමුවට මෙම තීරණ ඇතුළත්දැයි සලකා බැලෙනු ඇති.

නිල ණය හිමි කමිටුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පලකිරීමෙන් පසුව යෝජිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනය කළේ, ද්වීපාර්ශ්වින ණය හිමියන්ගේ නිල කමිටුව, ස්වෛරී බැඳුම්කර හිමිකරුවන්, චීන එක්සිම් හා සංවර්ධන බැංකු සමග ඇතිකරගත් ප්‍රතිපත්ති එකඟතා අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17 ක ණය සහනයක් ලැබෙන බවයි.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved