Connect with us

පුවත්

සාමාන්‍ය පෙළ සිසුන්ට සුබ ආරංචියක්

Published

on

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කිරීමට තීරණය කර තිබේ.

ඒ, පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුවය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළේ, පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඒ මහතා කියා සිටියේ, මෙම අභියෝගාත්මක කාර්යය සිදු කිරීම සඳහා ගුරුභවතුන්ගේ ද දැඩි කැපවීමක් අවශ්‍ය බවයි.

 මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලු‍තෙන් ගුරුවරුන් 3000ක් බඳවා ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ සතිය තුළ ඔවුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණි දක්වා පමණක් පන්ති පවතින පාසල්වල දරුවන් උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසලකට ඇතුළත් වීමේ ගැටලු‍වක් මෙහි දී මතු වන නමුත් ඊට විසඳුම් ලෙස අමාත්‍ය මණ්ඩල සන්දේශයක් හරහා අනුමැතිය ලබාගෙන එම පාසල්වල දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් අවශ්‍ය පාසල්වලට සුදුසු පරිදි අනුයුක්තයක් ලබා දීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති විය හැකි අනිසි ප්‍රමාදයන් වළක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

පුවත්

කටඋත්තර ගැනීමට පෙර දැනුම්දිය යුතුයි – නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

Published

on

By

කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර තිබේ.

එම චක්‍රලේඛය දිවයිනේ සියලු පොලිස් ස්ථානවෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරියෙකු විසින් දුරකථන මාර්ගයෙන් දැනුම් බවය.

පසුව තමාට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද? සහ එහි අන්තර්ගත කරුණු මොනවාදැයි තමන් අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි බවත්, ඊට පිළිතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරු චෝදනා කරයි.

එසේ තොරතුරු ලබානොදීම තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිට ලබා දුන් ප්‍රතිඥාවකට අනුව අදාළ චක්‍රලේඛය සකස්කර දිවයිනේ පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවය.

මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ හැකි බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයා, එම අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Continue Reading

පුවත්

ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්

Published

on

By

කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ ආරම්භ කළ බවයි.

කණ්ඩායම් 60ක් ඒ සඳහා පත් කර තිබේ.

වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,576 කි.

මේ අතර ජාතික ඩෙංගු මර්දන සතියේ පස් වැනි දිනය අදයි.

ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 6370ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

Published

on

By

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙනවිත් තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved