Connect with us

පුවත්

සිංදු කියන්න ගිය මන්ත්‍රීට බෝතල් ප්‍රහාරයක්

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතාට බෝතල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මන්ත්‍රීවරයා පුත්තලම, වනාතවිල්ලුව ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයක ගීත ගායනා කිරීමට වේදිකාවට ගොඩ වුණු අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා (05) රාත්‍රී සිට අලුයම දක්වා පැවැති සංගීත සංදර්ශනයට ආරාධිතයෙකු ලෙස මන්ත්‍රීවරයා සහභාගි වී තිබේ.

පොලීසිය පවසන්නේ එහිදී ඔහු ගීතයක් ගායනා කිරීම සඳහා වේදිකාවට ගොඩ වූ අවස්ථාවේදී  මෙම බෝතල් ප්‍රහාරය එල්ල වී ඇති බවය.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නැතත් ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

වනාතවිල්ලුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පුවත්

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද මෙරටට

Published

on

By

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතය.

යුරෝපා සංගමයේ  GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම නිලධාරීන් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණෙන යුරෝපා සංගමයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායම ලබන  මැයි මස  07 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇත.

එහිදී දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය හා වෘත්තීය සමිති රැසක් සමඟ ඔවුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

2024 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 3 ක අපනයනයක් සහිත වූ යුරෝපා සංගමය මෙරට දෙවන විශාලතම අපනයන ගමනාන්තය බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බවට ඒකාබද්ධ නිවේදනයක්

Published

on

By

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ  මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්ථවිරයන් වහන්සේ ගේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්ථවිරයන් වහන්සේ ගේ සහ ශ්‍රී දළදා මාළිගාගේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ඉල්ලීම හා ආරාධනාව අනුව වසර 16 පසුව සිරි දළදා වන්දනාව සිදු කළේය.

ඒ අනුව, අප්‍රේල් මස 18 දින සිට 27 දින දක්වා පුරා දින දහයක්, දිවමන් බුදුරජාණන් වහන්සේ හා සමාන වූ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලද වාම ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කර ගැනීමේ සුදුර්ලභ අවස්ථාව චිරාගත චාරිත්‍රානුකූලව සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ලබා දීමට කටයුතු කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම මෙම කාල පරාසය තුළ දේශීය හා විදේශීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ස්වකීය ශ්‍රද්ධාධ්‍යාශයන් වඩා වර්ධනය කර ගනිමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට භාග්‍යවන්ත වූ බව මල්වතු – අස්ගිරි උභය මහාවිහාර හා ශ්‍රී දළදා මාළිගාව වෙනුවෙන් ඉමහත් සංතෝෂයෙන් නිවේදනය කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසම හමුවට

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන්ය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස කැඳවා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව අද දිනයේ දී මෙලෙස පැමිණීමට නියමිතව ඇත.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved