Connect with us

පුවත්

සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

Published

on

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දෙන ලදී. ඒ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති සඳහා මතුවී ඇති ඉඩම් ගැටලු නිරාකරණය සඳහා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

මෙහිදී අදහස් දක්වමින් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහු මෙම සියඹලාණ්ඩුව සුර්යබල ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 120 මුදල් වැයවන බව පෙන්වා දුන්හ.කෙසේ වෙතත් එම බලාගාරයේ ඉදිකරීම් ප්‍රමාදයෙන් දිනක පාඩුව රුපියල් මිලියන 19ක් බවද එම නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම සුර්යබල උද්‍යානයේ ප්‍රවේශ මාර්ගය, ව්‍යාපෘති කාර්යයන් වෙනුවන් භාවිතා කිරීමේදී පවතින ගැටලු හේතුවෙන් එහි ඉදිකිරීම් ප්‍රමාද වී ඇති බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එම ප්‍රවේශ මාර්ගය පිළිබඳව මේ වනවිට නඩු කටයුත්තක් අධිකරණයේ පවතින බවත් නඩු කටයුත්ත අවසන් වනතුරු මාර්ගය භාවිතා කිරිමට අධිකරණය විසින් අවසර ලබා දී ඇති බවද නිලධාරීහු කාරක සභවට දැන්වූහ.කෙසේ වෙතත් එම අධිකරණ නියෝගය මාර්ගය භාවිතා කිරීමට ලබා දී තිබුනද මාර්ගයේ බර වාහන ධාවනය කිරීමට නොහැකි වන සේ කාණුවක් කපා ඇති බවද නිලධාරීහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූහ. ඒ අනුව කාරක සභා සභාපතිවරයා, ප්‍රදේශයේ පොලීසියේ සහයෝගයෙන් එම කාණුව පිළිසකර කර වාහන ගමන් කිරීමට හැකි පරිදි 
මාර්ගය සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.එමෙන්ම අධිකරණ තීරණයට යටත්ව එම මාර්ගය පොදු මාර්ගයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශට පත් කිරීමටත් එම මාර්ගය රජයට  පවරාගැනීමටත් අවශ්‍ය කටයුතු හැකි ඉක්මනින් සිදු කරන ලෙසට උපදෙස් ලබාදුන්නේය. පළමු වරට මෙරට රජය මගින් ක්‍රියාත්මක කරණු ලබන මෙම සියඹලාණ්ඩුව සුර්යබල ව්‍යාපෘතිය කඩිනමින් සාර්ථක ලෙස අවසන් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා ඒ සඳහා අදාළ සියලු පාර්ශව වල සහාය අවශ්‍ය බව පෙන්වා දුන්නේය.මේ අතර මන්නාරම හා පූනරින් සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය අත්පත් කරගැනීමට යෝජිත ඉඩම් විශේෂ දීමනා බලප්‍රතයක් ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත කඩිනමින් ලබා ගැනීම පිළිබඳවද කාරක සභාව තුළ සාකච්ජා විය. ඒ අනුව කාරක සභාව විසින් දිස්ත්‍රික්ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරයාට අදාළ ඉඩම් නිදහස් කරගැනීමේ ගැටලු කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම ඉඩම් මැනුම් මැනුම් කරන ක්‍රියාවලිය තුළ ඇතිවී තිබෙන ප්‍රමදයන්ද කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාරක සභාව අදාළ
නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු  පිරිසක් සහභාගී වූහ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved