Connect with us

පුවත්

සිරිපාදේ ප්‍රතිසංස්කරණයට යැයි පවසා මුදල් ගරන ජාවාරමක්

Published

on

ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසයි.

උන්වහන්සේ පවසන්නේ ‘සමනල කන්ද රසික එකමුතුව’ යැයි  සඳහන් සංවිධානයක් විසින් මෙම මුදල් රැස්කිරීම් සිදුකර ඇති බවය.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ,

“ඒ අය පරිසරය රකින්න කියලත් එක එක විදියට යෝජනා කරනවා. ඒ යෝජනා කරන අතරේ කූඨ ලෙස මිනිසුන් නොමඟ යවලා, ලක්ෂ ගණනක් ආධාර ලබාගන්න කටයුතු කරලා තියෙනවා. ඒ කිසිම කෙනෙකුට වැටේ තීන්ත ගාන්න හෝ ශ්‍රී පාදස්ථානය සුද්ධ පවිත්‍ර කරලා තීන්ත ආලේප කරන්න හෝ අපි භාරදීලා නෑ. ඒ හැමකෙනෙක්ම මහ දිසාපතිතුමාගෙන් අවසර ගන්න ඕනේ එහෙම නැත්නම් ඒ භාරකාරත්වයෙන් අවසර ගන්න ඕනේ. අවසර නොලබා කිසිවෙක් කරන්නේ නෑ. උඩ මලුවේ කරන වැඩ සම්මාදම් කිරීමෙන් තොරව සිදුකරන්නේ.”

නොයෙක් සංවිධානවලට මුදල් ලබා දීමෙන් වළකින ලෙස පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත්, මෙම චෝදනාව සම්බන්ධයෙන් අදාළ සංවිධානය මුහුණුපොතේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, තම සංවිධානය අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

“සමනල කන්ද රසික එකමුතුව” නම් වූ අප සමූහය විසින් රාජ්‍ය අංශවල අවසරය රහිතව සිදු කලා යැයි කියන හැටන් නල්ලතන්නිය පාරේ අත්වැටෙහි තීන්ත ආලේප කිරීම, කුරුවිට පාරේ දන්සැල් පැවැත්වීම සහ ඒවාට සම්මාදම් එකතු කලා කියන කරුණු අප සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු. මෙහිදී නායක හාමුදුරුවන් අප සමූහය ලෙස වරදවා වටහාගෙන වෙනත් පිරිසක් විසින් සිදුකළ කර්තව්‍ය පිළිබඳ අපට දෝෂාරෝපණය එල්ල කර ඇති බව අපට පෙනේ.

වර්ෂ 2019 ජනවාරි මස ආරම්භ කරන ලද “සමනල කන්ද රසික එකමුතුව” යනු වසර 6 කට ආසන්න කාලයක් සාර්ථකව පවත්වාගෙන යනු ලබන Facebook Group එකකි. මෙම සමූහයේ සමනල කන්ද ස්වභාව රක්ෂිතය සහ සිරිපා වන්දනාවට අදාළ දේ හැර වෙනත් කිසිවක් ඵල නොවේ. එලෙසම දැඩි විනයකින් සහ නිරතුරුව සත්‍ය තොරතුරු සහ යාවත්කාලින කිරීම් සිදුකරන සමූහයකි. එම නිසාම සිරිපා වන්දනාවට අදාළ රත්නපුර, කුරුවිට, හැටන්, මස්කෙළිය, දැරනියගල ආදි ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් බොහෝමයක් අප සමූහයේ සිටියි. ඔවුන් බොහෝමයක් අප සමග තොරතුරු බෙදාගනිමින් සහ සිරිපා වන්දනාවට අදාළ දේ සකච්ඡා කරති.”

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved