Connect with us

පුවත්

සිළුමිණේ නියෝජ්‍ය කතෘවරිය තනතුරෙන් නෙරපයි

Published

on

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සුමුදු චතුරානී ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබේ.

සම්මුඛ පරීක්ෂණයක් හරහා ඉහළම ලකුණු ලබාගෙන සිළුමිණ නියෝජ්‍ය කතෘ ලෙස පත්ව සිටි ඇය  ප්‍රවීණ මාධ්‍ය වේදිනියක,ලේඛිකාවක මෙන්ම රුපවාහිනී සම්ප්‍රවේශකාවක ලෙසද ප්‍රකට චරිතයකි.

මෙම ඉවත් කිරීම පිළිබඳව ආයතනයේ කතෘමණඩල අධ්‍යක්ෂවරයා,සිළුමිණ ප්‍රධාන කතෘවරයා පවා සිය විමතිය සහ අප්‍රසාදය පළකර ඇති නමුත් සභාපතිවරයා අදාළ තීන්දුව ගෙන තිබේන්නේ ‘ඉහළින් ආ නියෝගයක් ‘ බව පවසා බව වාර්තා වේ.

ඒ, ‌ලේක්හවුස් ආයතනයේ  නව සභාපතිවරයා ලෙස පත්වුණු ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආයතනය තුළ බරපතල අප්‍රසාදයක් සහ කැළඹීමක් හටගෙන ඇති පසුබිමකය.

ඉකුත් ජනවාරි දෙවෙනිදා වැඩ ආරම්භ කරමින් ඔහු කළ කතාව මෙතෙක් ලේක්හවුස් ඉතිහාසයේ කිසිදු සභාපතිවරයෙක් නොකළ අන්දමේ අත්තනෝමතික තර්ජනාත්මක කතාවක් බව සේවකයින් මෙන්ම සියලුම වෘත්තිය සමිතිද අවධාරණය කරයි.

මේ අතර,  සම්මුඛ පරීක්ෂණ හරහා නීත්‍යානුකූලව ලබාදී ඇති කතෘ මණ්ඩලයේ තනතුරුවල පවා වෙනස්කම් සිදුකරමින් ඔහු අන්තනෝමතිකව කටයුතු කරමින් සිටින බවත්, කතෘමණ්ඩල අධ්‍යක්ෂවරයා මෙන්ම,ප්‍රධාන කතෘවරුන් පවා නොසලකා හරිමින් ඔහු කටයුතු කරන බවත් සඳහන්ය.

තම හිතවතුන් යැයි කියාගත් පිරිසකට තනතුරු ලබාදීම සඳහා ඔහු පිඹුරුපත් සකසමින් සිටින බවත්,තමන්ට අවශ්‍ය අය පත් කරන නිසා ඕනම කෙනෙකුට ඉවත්ව යෑමට හැකි බවත් ඔහු පවසා තිබේ.

මේවනවිට සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව සමස්ථ කාර් මණ්ඩලය බරපතල කලකිරීමක සිටින අතර,වෘත්තීය සමිති සියල්ල ඒකමතිකව ඔහුට එරෙහි ස්ථාවරයකට පැමිණ සිටින බවද වාර්තා වේ.

ගාමිණී වරුෂමාන මහතා කලක්  ලේක්හවුස් ආයතනයේ සේවයකොට ඇති අතර,එවක ඔහුට කරගැනීමට නොහැකිවූ කාරණා පිළිබඳව වාඩුව පිරිමසා ගැනීමට වර්තමාන සභාපති තනතුර භාවිතා කරමින් සිටින බව සේවකයින්ගේ මතයයි.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved