Connect with us

පුවත්

සීතා අරඹේපොළට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක්

Published

on



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබේ.

ඒ එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය.

ඇය 2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර තිබුණි.

පුවත්

ගෑස් ගණන් උස්සයි?

Published

on

By

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසයි.

2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින බව සඳහන් වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 ක් ලෙස එලෙසින්ම පවතී.

මේ අතර නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරනු ලැබේ.

Continue Reading

පුවත්

සජබ අපේක්ෂයෙකුට පොල්ලකින් ගහයි

Published

on

By

සමගි ජන බලවේගය මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂකවරයකු රැස්වීමක් ඇමතීම සඳහා ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසලේ ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයෙකු විසින් රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා ජීප් රථයේ සිටි අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ අපේක්ෂකවරයා සහ රියදුරු මොණරාගල කිරිගල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින නීතිඥ ඉන්දික විජය බණ්ඩාර අත්තනායක මහතාය.

පාර්ලිමේන්තු අපේක්ෂකවරයා ඡන්ද ප්‍රචාරක රැස්වීමක් සඳහා සහභාගි වීමට ඔහුගේ රියදුරු සමඟ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසල ප්‍රදේශයේ පිහිටි මාර්ග බාධක ගැට්ටක් ආසන්නයේ දී ජීප් රථයේ වේගය අඩුකර තිබේ.

එම අවස්ථාවේ දී අසල සිටි නාඳුනන පුද්ගලයකු රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා එම සැකකරු විසින් ජීප් රථයේ සිටි පාර්ලිමේන්තු අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වු බව පොලිසිය පවසයි.

අනතුරුව ප්‍රහාරයට ලක් වූ අපේක්ෂකවරයා සහ ඔහුගේ රියදුරු මොනරාගල කිරිගල රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

ඩයනාට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Published

on

By

ජාතික හැදුනුම්පත සකස් කිරීම සදහා කූඨ ලේඛන ඉදිරිපත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ ජනවාරි 09 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කලේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (04) එම නඩුව කැදවන ලදී.

එම අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ ආරක්ෂා සහිතව සේප්පුවේ තැන්පත් කර තබන ලෙස එහිදී විනිසුරුවරයා නඩු භාණ්ඩ භාරකරුට නියෝග කර තිබේ.

එමෙන්ම, සාක්ෂි ලබා දීම සදහා 01, 04 සහ 12 යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමටද එහිදී විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

2004 ඔක්තෝම්බර් මස 09 වනදා සහ 2004 දෙසැම්බර් මස 01 වනදා යන කාල සිමාව අතරතුරදී ශ්‍රී ලාංකීය පුරවැසියකු නොවන බව දැන්වීමට හා සිය නම ඩයනා ගමගේ ලෙස නීත්‍යානුතකූලව සංශෝධනය කර නොතිබියදී එම නමින් ජාතික හැදුනුම්පත ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කිරීම, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ මෙම නඩුව පවරා ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved