Connect with us

පුවත්

සීලරතන හිමි ඇතුළු අපේක්ෂකයන් තිදෙනෙක්ට නඩු

Published

on

මෙවර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තිදෙනෙකු සිය වාර්තාවන් ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න හා අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නාම යෝජනා කළ ඡන්ද හිමියන් මෙසේ අදාළ ආදායම් වියදම් වාර්තා වෙන වෙන ම සකස් කර භාර දී නොමැති බව එම කොමිසම පවසයි.

මෙලෙස සිය මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් පිළිබඳ විස්තර පොලිසියට භාර දෙන බවත් නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කර තිබේ.

පනතට අනුව එවැනි වරදක් සඳහා දඬුවම රුපියල් 100,000ක දඩයක්.

මැතිවරණ වියදම් නියාමන පනත ප්‍රකාරව මැතිවරණ කොම්ෂන් සභාව වෙත සිය මැතිවරණ ප්‍රචාරක ආදායම් වියදම් වාර්තා ලබා දීමට ලබා දුන් කාලය 13 වන දා මධ්‍යම රාත්‍රී 12:00න් අවසන් විය.

අපේක්ෂකයන් ආදායම් වියදම් වාර්තා ලබා දී ඇතත් එම අපේක්ෂකයන්ගේ පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරුන් හෝ නාම යෝජනා කළ ඡන්ද හිමියන් 7ක් ද එලෙස ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව එම කොමිසම සඳහන් කළේය.

එම ලේකම්වරුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, සමබිම පක්ෂයේ ලේකම්වරුන් සිටින අතර අපේක්ෂකයා නාම යෝජනා කළ ඡන්ද හිමියන් ලෙස චන්න ලලින් වික්‍රමසිංහ, එච්.එම්. අසිත බණ්ඩාර, අර්වනා රණතුංග යන අය ඒ අතර සිටියි.

පුවත්

සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරයි

Published

on

By

හැටන් – සිංගිමලේ ජාලාශයෙන් ජලය ලබා ගැනීම ජල සම්පාදන මණ්ඩලය විසින් තාවකාලිකව නතර කර තිබේ.

ඒ සිංගිමලේ ජලාශයට පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත්වීමත් සමගය.

එම සිද්ධියෙන් පසු අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුලු පිරිසක් අද එම ජලාශ පරීක්ෂාවක යෙදී ඇති බව සඳහන්ය.

අනතුරුව සිදුකළ පරික්ෂාවකදී අනාවරණය වී ඇත්තේ දැනට සිංගිමලේ ජලාශයේ ජලය පානය සදහා සුදුසු නොවන බවටය.

එතෙක් වෙනත් ජල මූලාශ්‍රයකින් ජලය ලබා ගෙන පිරිපහදු කොට පාරිභෝගිකයන්ට සීමා සහිතව පානීය ජලය නිකුත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

පසුගිය 09 වනදා සිංගිමලේ ජලාශයට වැටීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

Continue Reading

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved