Connect with us

පුවත්

සුඩානයේ හිරවුණ ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්!

Published

on

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා දෙන්නේ, සෞදි අරාබියානු රජය විසින් පෝට් සූඩාන් නගරය තුළ විශේෂ ආරක්ෂිත හෝටලයක එම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කර ඇති බවය.

සූඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එම ස්ථානයට පැමිණ සූඩානයෙන් පිටවීම සඳහා අවස්ථාව සැලසීමට කටයුතු යොදා ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

මේ අතර සූඩානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13දෙනෙකු ඉවත් කරගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (26) සඳහන් කළේය.

එහි රැඳී සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

පුවත්

අනුරගේ ආණ්ඩුවෙත් තනතුරු නොගන්න තීන්දු කළ ටිල්වින් සහෝදරයා මොකද කරන්න යන්නේ

Published

on

By

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පරිවාස ආණ්ඩුවේ මෙන්ම, අනුර කුමාර දිසානායකගේ වත්මන් ආණ්ඩුවේ ද කිසිඳු තනතුරක් භාර නොගැනීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා මහතා කියයි.

BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේබව සඳහන් කර ඇත.

ආණ්ඩුවයි පක්ෂයයි දෙකක් බද පවසන ටිල්වින් මහතා, ඒ දෙක එකක් කර ගැනීමට නොයන බවද ඔහු කියා සිටී.

”මට කියලා ගෙයක්, ඉඩමක් නෑ. පුද්ගලිකව උපායා ගත්ත ලොකුම දේ ආදරය. මම හිතනවා ගොඩක් අය මට ආදරෙයි කියලා.” යනුවෙන් ද ඔහු කියා සිටී.

වසර 46ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 29ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන්නේය.

”83 පක්ෂය තහනම් කරන අවස්ථාවේ මම කළුතර දිස්ත්‍රික්කයේ තරුණ සංගමයේ ලේකම්වරයා. නමුත් මම ඒ කාලේ ප්‍රසිද්ධ දේශපාලනය නොකරපු නිසා මම පක්ෂයේ මොනවද කරන්නේ කියලා බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නෑ. අවුරුදු හතක් හිරේ ඉඳලා ඇවිත් 1995 පක්ෂ ලේකම් ධූරය භාර ගත්තට පස්සේ තමයි බන්ධනාගාර නිලධාරී දැන ගත්තේ මම කවුද කියලා. මගේ ඒ හැසිරීම පක්ෂයේ බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂා කර ගන්න පුළුවන් වුණා. පොලීසිය හිතුවේ මම පක්ෂයට උදව් කරපු සාමාන්‍ය කෙනෙක් කියලා.” යනුවෙන් ඔහු පැවසුවේය.

පාසල් කාලය, ආර්ථික අභියෝග හා අභියෝග හමුවේ පාසල් ගමන අඩාල වීම, රෝහණ විජේවීර හමුවීම, පක්ෂය තුළ කළ රහසිගත දේශපාලනය, බන්ධනාගාරයේ ජීවිතය හා බැඳුනු ‘අප්‍රකට’ කතා මෙන්ම අනුර දිසානායක ජනාධිපතිවරයා යටතේ තනතුරු භාර නොගැනීමට හේතුව ටිල්වින් සිල්වා BBC සිංහල සමග පැවති සාකච්ඡාවේ දී විස්තර මෙසේ විස්තර කර තිබේ.

Continue Reading

පුවත්

ජනපතිගෙන් රාජ්‍ය යාන්ත්‍රණය අල්ලාගන්නට යන පිරිසක් ගැන පුබුදුගෙන් හෙළිදරව්වක්

Published

on

By

හොරකම්, වංචා, දූෂණ නතර කිරීම සහ රාජ්‍ය පාලනය ප්‍රභූන්ගෙන් බේරා ගැනීම යන අභිලාශයන් ජනතාවට තිබුණු බවත්, දැන් අන්තිමට ප්‍රභූ රාජ්‍ය නිලධාරීන්, ජාවාරම්කාර ව්‍යාපාරික තක්කඩි නැවත පැමිණ රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කරගනිමින් සිටින බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ මහතා කියයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

නව ජනාධිපතිවරයාගෙන් හා ජාතික ජනබලවේගයෙන් සිය සංවිධානයට එයට ඉඩ නොදෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එකඟතාවයකට පැමිණ ඇති බවට ද ජාගොඩ මහතා චෝදනා කරයි.

Continue Reading

පුවත්

විජේවීරගේ පුතා කුරුණෑගලින් පාර්ලිමේන්තු මැතිවරණයට 

Published

on

By

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ගේ පුත් උවිඳු විජේවීර මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ. 

උවිඳු විජේවීර දෙවැනි පරපුර දේශපාලන පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරන අතර, ඔහු මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ එම පක්ෂයේ සංවිධාන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබීම හේතුවෙන් මෙසේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බවද පැවැසේ. 

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක නාමල් රාජපක්ෂ මහතා ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවට පැතිර යන ආරංචිය ඔහු  විසින් ප්‍රතික්ෂේප කර තිබුණද බොහෝ විට එය සිදුවිය හැකි බව ද මේ අතර වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved