පොලිස් ස්ථානාධිපතිවරු පනහකට වැඩි සංඛ්‍යාවක් ඉදිරි දිනවලදී ස්ථාන මාරු කිරීමට නියමිත බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරයි.
පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කළේ මෙලෙස ස්ථාන මාරු ලැබීමට නියමිත පිරිස අතර කොළඹ දිසාව යටතේ රාජකාරි කරන පොලිස් ස්ථානාධිපතිවරුන් රැසක් සිටින බවය.
පොලිස් කොට්ඨාසවල රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට ද ස්ථානාධිපති තනතුරු ලැබීමට නියමිත බවද වාර්තා වේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සහ පොලිස් පරීක්ෂකවරුන්ට මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථානාධිපති තනතුරුවල වසර කිහිපයක් තිස්සේ රාජකාරි කරන නිලධාරීන්ටද මෙලෙස නව ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතය.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 54 දෙනෙකුට පසුගිය සතියේ ද ස්ථාන මාරු ලබා දී තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, කොළඹ අපරාධ කොට්ඨාස අධ්යක්ෂ, ක්ෂේත්‍ර බළකා මූලස්ථාන අධ්යක්ෂ, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ඇතුළු උසස් නිලධාරීන් රැසක් ඒ අතර සිටියි.