Connect with us

පුවත්

සුදු මැස්සා නිසා තැඹිලි අස්වැන්න 40%කින් අඩුවන ලකුණු!

Published

on

මේ වන විට විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති සුදු මැස්සන්ගේ උවදුර හේතුවෙන් මෙරට තැඹිලි අස්වැන්න 40%කින් පමණ අඩුවිය හැකි බව පැවසේ.

තැඹිලි වගාවට විශාල වශයෙන් බලපා ඇති මෙම ව්‍යසනය පාලනය නොකළහොත්, අස්වැන්න 40%කින් පමණ අඩුවීමේ අවදානමක් ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, එන්.එස්.ආරච්චි මහතා පවසා ඇත.

ඊට අමතරව පොල් අස්වැන්නටද මෙය 4% – 5%ක අතර ප්‍රමාණයකින් බලපානු ඇත බව එහි නිලධාරීන් පවසයි.

මේ වන විට කෑගල්ල, ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක වල පොල් ගස් මිලියන 4.6කට මෙම ව්‍යසනය බලපා ඇති අතර, සුළු ප්‍රමාණයකින් රත්නපුර, මහනුවර, ගාල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්ක වලටද මෙහි බලපෑමක් ඇති වී තිබේ.

මෙම මැස්සා තැඹිලි හා කහ වර්ණ වලට ආකර්ෂණය වන බැවින් තැඹිලි වගාවන් ඉහල අවදානමකට ලක්ව ඇති බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති ශ්‍රී විරසිංහ මහතා පවසා ඇත.

තැඹිලි අස්වැන්න අඩුවීමත් සමග ඩොලර් ආදායම් මාර්ගයක් වන තැඹිලි අපනයනයටද මෙය විශාල ලෙස බලපා ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

මේ වට විට කොළඹ තැඹිලි ගෙඩියක මිල රු. 150ක් – රු. 160ක් අතර පවතියි.

මෙම මැසි උවදුර පාලනය කිරීමට කොහොඹ තෙල් හා සබන් වතුර 2:1 අනුපාතයට මිශ්‍ර කර ඉසින ලෙස පොල් පර්යේෂණ ආයතනය නිර්දේශ කරයි.

(මූලාශ්‍රය : economynext.com)

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved